අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් දානමය පුණ්‍ය කර්මයක්

    ජූනි 05, 2014
    අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් දහසක පමණ මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් දොළුව පිහිටි අග්‍රාමාත්‍යතුමාගේ නිවසේදී  ඊයේ (04) පැවැත්විණි.
     
     
    මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ඊට පෙර දින සර්වරාත්‍රික පිරිත් දේශනයක් එම නිවසේදී පැවැත්වුණු අතර, ඉන් අනතුරුව මහා සංඝරත්නය හමුවේ මෙම දානමය පුණ්‍යකර්මය සිදු‍කෙරිණි.
     
    මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍යපාද නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍යපාද ගලගම අත්ථදස්සි හිමිපාණන් වහන්සේ, උඩරට අමරපුර මහ නිකායේ අනුනායක පූජ්‍යපාද අත්තරගම වජිරජෝති හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මෙම දානමය පුණ්‍යකර්මය සිදුකෙරිණි.
     
    අග්‍රාමාත්‍ය ආර්යා අනුලා යාපා ජයරත්න මැතිණිය, අග්‍රාමාත්‍ය ‍පෞද්ගලික ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ලංකා ජයරත්න, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya