මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකු නිලධාරී සංගමයෙන් රක්ෂණ වන්දි ප්‍රදානයන්

    ජූනි 05, 2014
    මහජන බැංකුවේ නිලධාරී සංගමය මගින් සිය වියෝ වූ සාමාජිකයින් තිදෙනෙකු වූ එම්.ජේ. පෙරේරා, එන්.ඩී. කෝලින් අබේරත්න සහ එස්.ජී.එල්. ප්‍රේමදාස ගුණසේකර යන මහත්වරු වෙනුවෙන් පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 05 බැගින් රුපියල් ලක්ෂ 15ක රක්ෂණ වන්දි ප්‍රදානය කිරීමක් පසුගියදා මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණ.
     
     
    මෙම අවස්ථාවට මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පියදාස කුඩාබාලගේ, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් යන මහත්වරු ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වය, මහජන බැංකු නිලධාරී සංගමයේ සභාපති, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර බැංකු කටයුතු) සුනිල් වන්නි ආරච්චි, ලේකම්, සහකාර සාමාන්‍යාධිකාරී ( මෙහෙයුම්) චන්ද්‍රසිරි ප්‍රනාන්දු යන මහත්වරු සහ මියගිය සාමාජික සමාජිකාවන්ගේ ඥාතීන් කිහිපදෙනෙක් ද සහභාගී වූහ.
     
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya