අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ඵලදායිතා සංවිධානයේ සම්මන්ත‍්‍රණය ජූනි 16 සිට 20 දක්වා

    ජූනි 05, 2014

    ආසියානු හා පැසිෆික් කලාපීය රටවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන "ආසියානු ඵලදායිතා සංවිධානයේ සම්මන්ත‍්‍රණය" ලබන 16 සිට 20 දින දක්වා දෙහිවල මවුන්ට් ලැවීනියා හෝටලයේ දී පැවැත්වේ.


    මෙහි සමාරම්භක උළෙල ජූනි 16 දින පෙ.ව 9.00ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.


    "දේශීය කෘෂි කර්මාන්තය හා ආහාර කර්මාන්තයේ සංවර්ධනය උදෙසා සහයෝගිතා ප‍්‍රවර්ධනය" යන්න මෙවර සම්මන්ත්‍රණයේ තේමාවයි. මේ සම්මන්ත‍්‍රණය සංවිධානය කිරීම හා සත්කාරක සේවා කි‍්‍රයාත්මක කිරීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya