අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Future Minds - 2014 ප්‍රදර්ශනය අද සිට ලබන 08 දක්වා Featured

    ජූනි 06, 2014

    Future Minds - 2014 ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය අද (06) සිට ලබන 08 දින දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.


    මෙහි සමාරම්භක උළෙල අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිතය.


    "No One Left Behind (කිසිවෙකුත් අත් නොහරිමු)" යන්න මෙහි තේමාවයි.

     

    මෙම ප්‍රදර්ශනය ශිෂ්‍යයන්ට කාර්යක්ෂම වෘත්තීය සැලසුම්කරණයක් සඳහා විවිධ මාවත් හා අවස්ථා සපයා දෙන අනඟි අවස්ථාවකි. මේ මඟින් උසස් අධ්‍යාපන සුදුසුකම් සොයා යන ශිෂ්‍යයන් හා අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපනික ආයතන අතර සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අවස්ථාව සලසා දෙයි. දිවයිනේ ප්‍රමුඛතම අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ලෙස ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික සේවා අංශයේ ඉහළ ප්‍රමිතියක් නිර්මාණය කර ඇත.

    මේ සඳහා දේශීය හා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතන රැසක් දායකත්වය සපයයි. ජාතික හා ජාත්‍යන්තර පාසල් සිසුන් විශාල පිරිසක් "Talant Tank" තරගාවලිය සඳහා සහභාගී වන අතර ඔවුන්ගේ පාසල්වලට ලැප්ටොප් පරිගණක, කැමරා උපකරණ, ප්‍රින්ටර් ආදී වටිනා ත්‍යාග ප්‍රදානය කිරීමට ද සංවිධායක මණ්ඩලය පියවර ගෙන ඇත.

     

    09 වන වරටත් පවත්වන මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය (NJOBA) මඟිනි.

    මීට සමගාමීව මහනුවර පවත්වන ප්‍රදර්ශනය ජූනි 14 හා 15 දෙදින කැන්ඩි සිටි සෙන්ටර්හිත් ගාල්ලේ පවත්වන ප්‍රදර්ශනය සැප්තැම්බර් 06 හා 07 දෙදින ගාල්ල නගර ශාලාවේත් පැවැත්වීමට නියමිතයි.

    මේ අවස්ථාවට මැති ඇමතිවරුන්, ජාතික හා ජාත්‍යන්තර පාසල්වල ගුරුභවතුන් හා සිසු සිසුවියන් සහභාගීවීමට නියමිතය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya