මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් පවුල් 5937ක 24984 දෙනෙකු විපතට Featured

    ජූනි 04, 2014

    අද (04) පස්වරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන ලද තොරතුරු අනුව දිවයිනේ පවුල් 5937ක 24984 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය නිසා බලපෑම්වලට ලක් ව ඇතැයි වාර්තා වේ.


    මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එක් අයෙකු අතුරුදහන් වී ඇත. නිවාස 63ක් සම්පූර්ණයෙන් හානියට පත් ව ඇති අතර අර්ධ හානි සිදු ව ඇති නිවාස ගණන 399කි. ආරක්ෂිත ස්ථාන 19ක් ස්ථාපිත කර ඇති අතර ඒවායේ පවුල් 646ක 2736 දෙනෙකු සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


    දැඩි සුළඟ, ඉවුරු කඩා වැටීම, අකුණු ගැසීම, ගංවතුර, අධික වර්ෂාව සහ නායයෑම් වැනි හේතූන් නිසා සබරගමුව පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පවුල් 852ක සාමාජික සාමාජිකාවන් 3832 දෙනෙකු විපතට පත් ව ඇති අතර සිව් දෙනෙකු මියගොස් තිබේ.


    බස්නාහිර පළාතේ කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 3917ක සාමාජික සාමාජිකාවන් 16927දෙනෙකු විපතට පත් ව ඇති අතර 16 දෙනෙකු මියගොස් තිබේ.


    කළුතර දිස්ත‍්‍රික්කයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එහි 14 දෙනෙකු මරණයට පත් වී තිබේ. අගලවත්ත මතුගම හා බුලත්සිංහල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම මරණ සිදුව ඇත. කළුතර දිස්ත‍්‍රික්කයේ පවුල් 1658ක සාමාජික සාමාජිකාවන් 6986 දෙනෙකු විපතට පත් ව සිටී.


    ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු අවහිර වී තිබූ සියලු මාර්ගවල ජලය මේ වනවිට බැස යමින් පවතින අතර ආරක්ෂක අංශ හා කළුතර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මැදිහත්වීමෙන් ගමනාගමන කටයුතු යථා තත්ත්යයට පත්කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව කළුතර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවුල් 989ක සාමාජික සාමාජිකාවන් 3418 දෙනෙකු විපතට පත් ව ඇති අතර එක් අයෙකු මියගොස් තිබේ.


    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 135ක සාමාජික සාමාජිකාවන් 634 දෙනෙකු විපතට පත් ව ඇති අතර එක් අයෙකු මියගොස් තිබේ.


    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 44ක සාමාජික සාමාජිකාවන් 173 දෙනෙකු විපතට පත් ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


    HC/wms_dmu_kalutara/pics: army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya