අද උදෑසන 05.15ට නිකුත් කරන ලද මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකියට අනුව අනෙක් මුහුදු ප්රදේශවල ද තැන් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.
කන්කසන්තුරේ සිට පුත්තලම සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්රදේශ විටින් විට රළු විය හැකි අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්රදේශ ද විටින් විට තරමක් රළු විය හැක.
HC