පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති සීමාසහිත ශ්‍රී ලංකා සත්ත්වපාලන සංවර්ධන (Sri Lankan Poultry Development Pvt) ආයතනයේ නව අධ්යක්ෂ ලෙස මොහොමඩ් කාදර් මහතා අද (04) දින සුභ මොහොතින් තම රාජකාරිය බාර ගත්තේය. මෙම අවස්ථාව සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් හා ලංකා කම්කරු කොංග්රස් සභාපති ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් යන මහත්වරු ද පශු සම්පත් අමාත්‍යංශ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ. ECB