අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලකඹර සුරැකි විරුවන් සදා සමරමු Featured

    ජූනි 04, 2014

    තිස් වසරක කුරිරු යුද්ධයේ දී ලකඹර සුරකිමින් තම දේශය වෙනුවෙන් දිවි පිදූ අභීත රණ විරුවන්  සදා අනුස්මරණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදව විසින් ගුවන් හමුදා ඒකල කඳවුරේ අබිනවයෙන් ඉදිකරනු ලැබු රණ විරු ස්මාරකය අසල දී අනුස්මරණය කිරීමේ උත්සවයක් ඊයේ (03) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

    ලකඔර සුරැකි රණ විරු අනුස්මරණ ස්මාරකය වෙත පියනගන විට ප‍්‍රථමයෙන් හමුවන පිවිසුම් ද්වාරය රුදුරු යුද්ධයේ බියකුරු බව සංකේතවත් කරයි. එහි ඇතුළත පිළිබිඹු කරනුයේ යුද්ධය නිමා වූ පසු ඇති වු සන්සුන් බවයි.

    එතැන සිට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ රුදුරු යුද්ධය අහිමි කළ සහෘදයන් සිහිපත් කිරීමටයි.
     
    ඉන් ඉදිරියේ ඇති උස්බිම් දෙක දෙලොවක් සංකේතවත් කරයි. ඒ අප ජීවත් වන ලෝකය හා මරණින් මතු ලෝකයයි.එම දෙවැනි උස්බිම මිහිදන් වු ඔවුන් සුවසේ සැතපෙන බවද සංකේතවත් කරයි.

    මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරින්, ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් රංජිත් සේනානායක ඇතුළු නිලධාරින් මෙන්ම සෙසු නිලයන් හා මියගිය රණවිරුවන්ගේ පවුලේ සාමාජික සමාජිකාවන් විශාල පිරිසක්  සහභාගි වූහ.

    ECB

    air2

    air3

    air4

    air5

    air6

    air7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya