අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායයාමේ අවදානම් ඇති ප්‍රදේශ

    ජූනි 04, 2014

    නායයාම් අවධානම තවදුරටත් පවතින ප්‍රදේශ වශයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් කළුතර දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රික්කය නම් කර ඇත.

    ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්ද නුවර, මතුගම, බුලත්සිංහල, කළුතර, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇති අගලවත්ත- කිතුල්ගොඩ මාර්ගය ඇතුළු සියලු ම මාර්ග ද එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ඇති කඳු, නිර්මිත බෑවුම් සහ ඉදිකිරීම් තුළ නිර්මාණය වී ඇති ඉවුරු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින්ද වැඩි අවධානයෙන් පසු වන මෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.

    ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ඇති කඳු, නිර්මිත බෑවුම් සහ ඉදිකිරීම් තුළ නිර්මාණය වී ඇති ඉවුරු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් ද වැඩි අවධානයෙන් පසු වන මෙන් එම සංවිධානය වැඩිදුරටත් දන්වා සිටී.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya