අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු, දකුණ,වයඹ,මධ්‍යම හා බස්නාහිර පළාත්වල පවුල් 10973ක් විපතට පත්වෙයි

    ජූනි 04, 2014

    දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව, දකුණ, වයඹ, මධ්‍යම හා බස්නාහිර පළාත්වල පවුල් 10973ක පුද්ගලයින් 44088ක් අවතැන්ව ඇත.

    මෙම පළාත්වලින් මරණ 23ක්, අතුරුදන්වීම් 01ක්, තුවාල ලැබූවන් 11ක් වාර්තාවේ. ගංවතුර, පස් කඳු කඩාවැටීම්, දැඩි සුළඟ හා අකුණු ගැසීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති අතර ඒ හේතුවෙන් නිවාස 103ක් පුර්ණ වශයෙන්ද, නිවාස 685ක් අර්ධ වශයෙන්ද හානී වී ඇත.
     
    ඒ අනුව, සබරගමුව පළාතේ පවුල් 1403ක පුද්ගලයින් 9855 ක් විපතට පත්ව ඇත. නිවාස 18 කට පූර්ණ වශයෙන් ද නිවාස 55කට අර්ධ වශයෙන් හානි සිදුව ඇත. මෙම තත්ත්වයට දැඩි සුළඟ, අකුණු ගැසීම හා පස් කඳු කඩාවැටීම හේතුවී ඇත.
     
    දකුණු පළාතේ පවුල් 2523ක පුද්ගලයින් 7476ක් අවතැන්වී ඇත. නිවාස 40කට පූර්ණ වශයෙන්ද, නිවාස 208කට අර්ධ වශයෙන් ද හානි වී ඇත.
     
    බස්නාහිර පළාතේ පවුල් 6868 ක පුද්ගලයින් 27677ක් අවතැන්ව ඇත. මරණ 17ක් හා තුවාල ලැබූවන් 08 දෙනෙකු වාර්තා වේ. මෙම පළාතේ නිවාස 44ක් පූර්ණ වශයෙන්ද නිවාස 420 ක් අර්ධ වශයෙන් ද විනාශ වී ඇත.වයඹ පළාත තුළ පවුල් 135ක පුද්ගලයින් 634ක් අවතැන්ව ඇත. නිවාස 01ක් පූර්ණ වශයෙන් ද නිවාස 02ක් අර්ධ වශයෙන් ද විනාශ වී ඇත.

    මධ්‍යම පළාත තුළ පවුල් 44ක පුද්ගලයින් 173ක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya