අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට තායිලන්ත සහයෝගය

    ජූනි 04, 2014
    ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබාදීමට සූදානම් බව තායිලන්ත ප‍්‍රත්‍යාසන්න රාජ්‍යයන්හි ආර්ථික සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජිත පිරිස ප‍්‍රකාශ කළහ.
     
    තායිලන්ත ප‍්‍රත්‍යාසන්න රාජ්‍යයන්හි ආර්ථික සංවර්ධන වූ සහයෝගිතා ඒජන්සියේ නියෝජිත පිරිස මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදීය.
     
    තායිලන්ත ප‍්‍රත්‍යාසන්න රාජ්‍යයන්හි ආර්ථික සංවර්ධන සහයෝගිතා ඒජන්සිය තායිලන්තයේ ජාත්‍යන්තර සංවර්ධන ආධාර ඒජන්සිය වශයෙන් කටයුතු කරනු ලබයි. 2005 වසරේදී නිල වශයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය තායිලන්ත මුදල් අමාත්‍යංශ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වේ. 
     
    මෙමගින් කලාපීය රටවල් සඳහා අධ්‍යාපනික ආධාර ලබාදීම, ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියේදී සහයෝගයෙන් කටයුතු කිරීම, පර්යේෂණ සඳහා ආධාර ලබාදීම, කලාපීය සංවිධාන සහ රටවල් සමග ආර්ථික සහයෝගීතාවය ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලබයි. 
     
    මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය මට්ටමේ සිට සියලුම ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ නියෝජිත පිරිසට කරුණු පැහැදිලි කරනු ලැබීය. මේ වන විට ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා දිවි නැගුම වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කරන බවත් ඒ තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වී ඇති ආකාරයත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
    ශ‍්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනයක් සිදුව ඇති බව පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සහ බලශක්ති ක්ෂේත‍්‍රයේ සංවර්ධනය  සඳහා රටවල් රැසක ආයෝජකයෝ ඉදිරිපත්වී ඇති බවද කියා සිටියේය. 
     
    මෙම අවස්ථාවට තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති ඒ. නිප්පෝන් අද්චාරියාවන්ච්, තායිලන්තයේ ප‍්‍රත්‍යාසන්න රාජ්‍යයන්හි ආර්ථික සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ සභාපති නෙවින් සින්සිරි, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP BR MEET THAI DELIGATION 2
     
    MP BR MEET THAI DELIGATION 3
     
    MP BR MEET THAI DELIGATION
     
    MP BR MEET THAI DELIGATION 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya