මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එස්. ඩී. බණ්ඩාරනායක මහතා අභාවප‍්‍රාප්ත වෙයි

    ජූනි 03, 2014

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඩී. බණ්ඩාරනායක මහතා කොළඹ ජාතික රෝහලේ දී අද (03) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


    අභාවප්‍රාප්ත වන විට 98වන වියේ පසුවුණ සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා වූයේ ගම්පහ මහ මුදලි සී.පී. ජයස් බණ්ඩාරනායක මහතාය. යක්කල මඩුගස්වලව්වේ පදිංචිව සිටි ඔහු දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ පියාණන් ද වේ.


    සිංහල, ඉංග්‍රීසි, ග්‍රීක සහ ලතින් වැනි භාෂා පිළිබඳ මනා දැනුමකින් පිරිපුන් ව සිටි එස්.ඩී. බණ්ඩාරනායක මහතා මාතර මහා මන්තින්ද පිරිවෙනින් ද මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයෙන් ද අධ්‍යාපනය ලබා ඇති අතර 1939 අග භාගයේ දී ඉන්දියාවේ මදුරාසි ට්‍රැවන්කෝර් මහා විද්‍යා පීඨයට ඇතුළත් ව කෘෂිකර්මය පිළිබඳ උසස්‌ පාඨමාලාවක්‌ ද හදාරා තිබේ.


    ඩී.එස්. සේනානායක අගමැති සමයේ රට ස්‌වංපෝෂිත කිරීමට පිහිටු වූ ගොවි හමුදාවේ විධායක නිලධාරී තනතුරක්‌ දරමින් අනුරාධපුර ගොවි හමුදා කඳවුරේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කර ඇත.


    ඥාති සොහොයුරකු වූ එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමඟ එක් ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ සිට දේශපාලනයට එක් වූ ඔහු 1952 සිට පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.


    එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කළ ජන්ම ප්‍රසාදිනී උපහාර මහෝත්සවය පැවැත්වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ය.

     

    sdbandaranaike  president


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya