අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුයම 5.30 දක්වා මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක

    ජූනි 03, 2014

    දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැලඹිලි තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.


    ඉදිරි පැය 12 සඳහා අද (03) පස්වරු 5.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවල (විශේෂයෙන් දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැක.


    දිවයිනට අවට මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැ.කි.මී. 70-80 පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතී .


    ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya