අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව ඉහළට

    ජූනි 04, 2014

    දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැලඹිලි තත්ත්වයන් හේතුවෙන් දිවයින වටා වන බොහෝ  මුහුදු ප්‍රදේශ වල වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (04) දිනය සඳහා මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකියට අනුව දිවයින වටා වන බොහෝ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැක.


    දිවයින අවට මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, දිවයින අවට මුහුදු ප්‍රදේශවල  ක්ෂණිකව සුළං වේගය පැ.කි.මී. 70-80 පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතී.


    ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya