අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින ආසන්නයේ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් Featured

    ජූනි 04, 2014

    දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැලඹිලි තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (04) දිනය සඳහා වන කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවල (විශේෂයෙන් දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ) මි.මි 100 ට වැඩි  තද වැසි ද ඇති විය හැක.


    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව යාපනය, අනුරාධපුර, මන්නාරම සහ ත්‍රීකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මඩකළපුවට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.


    කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුරයට විටින් විට වැසි ඇති වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya