අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර මරණ සංඛ්‍යාව 14 යි - පවුල් 3821 විපතට

    ජූනි 03, 2014

    නිවාස 68 කට හානි - සහනාධාර සඳහා ලක්ෂ 25ක්


    මෙම දිනවල ඇදහැලෙන අධික වර්ෂාව නිසා සැඩ පහරට හා නාය යෑමට ලක්වීමෙන් කළුතර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 14ක් මරණයට පත් වී තිබේ.


    අගලවත්ත මතුගම හා බුලත්සිංහල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම මරණ සිදුව  ඇත.


    බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැර සෙසු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහතුන තුළම (13) පවුල් 3821ක පුද්ගලයින් 13898කට වැඩි ප‍්‍රමාණයක් විපතට පත් වී තිබේ. නිවාස 10ක් සම්පූර්යෙන් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් හානි වී ඇති ගණන 58කි.


    විපතට පත් ජනයාට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදලක් රජය විසින් ලබාදී තිබේ. පිසූ ආහාර සැපයීම ඇතුළු සහනාධාර කටයුතු සඳහාත් අවමංගල කටයුතු සඳහාත් මෙම මුදල් යෙදවේ.


    ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු අවහිර වී තිබූ සියලු මාර්ගවල ජලය බැස යමින් පවතින අතර ආරක්ෂක අංශ හා කළුතර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මැදිහත්වීමෙන් ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී.


    HC/wms_dmu_kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya