අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති කරල්ලියද්ද ජන්ම දින සමරා ධර්ම දේශනයක්

    ජූනි 03, 2014

    එළැඹෙන පොසොන් පොහොය නිමිත්ත කරගනිමින්  ඉකුත් මැයි මස 10 වෙනි දිනට යෙදී තිබූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ හැට දෙවන ජන්ම දිනය සහ එතුමන්ගේ දේශපාලන දිවියට වසර 20ක් සපිරීම ද නිමිති කරගනිමින් අද (03)  සෙත්සිරිපාය, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දී කාලීන ධර්ම දේශනයක් පවත්වන ලදී.

    විචිත්‍ර ධර්ම කථික කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමියෝ මෙම ධර්ම දේශනය පැවැත්වූහ.

    පොල් අතු පැලේ සිටියත්, රජ ගෙදර සිටියත් සියලු දෙනාට දුක පොදු බවත්, කල්ප සිය දහස් ගණනක් පසුකර ලද වටිනා මනුෂ්‍ය ජීවිතය දෙලොවටම සැපවත් කරගැනීමට උතුම් බුදුදහමින් මාර්ගය පෙන්වා දී ඇති බවත් ඇත්කඳුරේ සුමනසාර හිමියන් පැවසූහ.

    ගිහියන් ලෙස සමාජයේ පුද්ගලයන් සිදුකරන විවිධ වැරදි අඩුපාඩු මඟහරවා ගනිමින් යහපත් අයුරින් ජීවත් විය යුතු ආකාරය පිළිබඳව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.මේ අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා සහ එම අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරි නිලධාරිනියන් විශාල පිරිසක් සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya