අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනන්දන ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

    ජූනි 03, 2014

    මහජන බැංකු නිලධාරීන්ගේ සංගමය විසින් සිය සාමාජික දූ පුතුන්ගේ විශිෂ්ට අධ්‍යාපන කුසලතා අගයමින් 14වන වරටත් සංවිධානය කරන ලද අභිනන්දන ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙහිදී 2013 වසරේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස.(සාපෙළ), අ.පො.ස.(උසස් පෙළ), ලන්ඩන් අ.පො.ස  (සාපෙළ), ලන්ඩන් අ.පො.ස. (උසස් පෙළ) විභාගයන්ගෙන් විශිෂ්ට අධ්‍යාපන කුසලතා පළ කළ මහජන බැංකු නිලධාරී සංගමයේ දූ දරුවන්ට ශිෂ්‍යාධාර හා සහතික පිරිනැමිණ.

    මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති ගාමිණී සෙනරත්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් යන මහත්වරු ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වය ද මහජන බැංකු නිලධාරී සංගමයේ සභාපති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර බැංකු කටයුතු) සුනිල් වන්නිආරච්චි මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන්ද සංගමයේ සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ දූ දරුවෝ ද සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya