අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයට ඔබේ යුතුකම් ඉටුකරන්න

    ජූනි 03, 2014


    “අපි අපේ යුතුකම් ඉටු කරන්නම්. ඔබ ඔබේ යුතුකම් ඉටු කරන්න. හරියට යුතුකම් ඉටු කළොත් ජීවිත කාලෙම හොඳක් වේවි. අපි හැම වෙලාවේම කැප වෙලා ඉන්නේ ජනතාවට සේවය කරන්න කියන අදහස හිතේ තියාගන්න. අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඔබේ යුතුකම ඉටු කරයි කියලා.” යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසවේ පසුගියදා අමාත්‍යාංශයේදී පැවති ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන් ස්ථිර කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක් වෙමිනි.මෙහිදී සේවක සේවිකාවන් 78 දෙනෙකු ස්ථිර කරනු ලැබූ අතර, නව පත්වීම් 12ක්ද පිරිනමනු ලැබීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය, “අපි මේ ආයතන පටන් ගනිද්දී විශාල අලාභ තත්ත්වයකයි තිබුණේ. නමුත් අපි නව රැකියා ලබාදීලා, රැකියා ස්ථිර කර දීලා, අලාභදායි තත්ත්වය අඩුකර ගනිමින් අද මේ ගමන යනවා.



    දේශපාලකයින් අතර මතයක් තියෙනවා ඔය රස්සාවල් ස්ථිර කරලා වැඩක් නැහැ කියලා. ඔය ස්ථිර කරපු අය අන්තිමට වෙන දිහාවකට යනවා. කසාඳ බැඳලා හරි වෙන විදියකට හරි වෙන දිහාවකට යනවා. කවදාවත් ඡන්දෙට වැඩ කරන්න එන්නේ නැහැ. උසස්වීමක් ගන්න ඕන වුණොත් විතරයි ඡන්දෙට වැඩ කරන්න එන්නේ. හැබැයි ලයිට් දුන්නොත්, පාර හදලා දුන්නොත් ඡන්දේ ලැබෙනවා. මේවා මම කියන්නේ අවුරුදු 40ක දේශපාලනයේ අත්දැකීම් එක්කයි. මේ අයගෙන් උදව් කරන, නොකරන අය ගැන මම දන්නවා. මට හොඳට තේරෙනවා.

    ඒ වගේමයි මැයි දිනය කියන්නේ ඔබේ දිනයක්. සියලු කම්කරුවෝ මැරුණේ ඔබ වෙනුවෙන්. ඒ කියන්නේ ඔබට පැය 8ක සේවා කාලයක් ලබා දෙන්නයි. කාගේවත් පක්‍ෂවලින් රතුපාට කොඩි ආවේ නැහැ. මැරුණු අයගේ රුධිරයේ පාට අනුවයි රතුපාට කොඩිය මැයි දිනයට ළෙල දෙන්නේ. මම කොහේ හිටියත් මැයි දිනයට යනවා. මැයි දිනයට පිටරටක හිටියොත් මම එදාට කොහේට හරි වෙලා මැයි දිනය නරඹනවා. අද අපි මේ තත්ත්වයේ ඉන්නේ ඒ අය නිසයි.
      
    අද ඔබට මේ ලැබෙන පත්වීම් හුඟක් වටිනවා. පැන්ෂන් යනකන්ම ඔබට රැකියාවක්, රැකියාවට හරියන වැටුපක් තියෙනවා. ඔබ ස්ථිර පත්වීම් ලබනවා කියන්නේ අවුරුදු 60 වෙනකන් ඔබට රැකියාව කරගෙන යෑමට ලැබෙන සහතිකයක්.

    මේ විදියට ඔබට රැකියාව තුළත් බෝනස්, අතිකාල දීමනා සේරම ලැබෙනවා. ඒ ලැබෙන්නේ ආයතන තුළින්. ඔබත් මේ ආයතන දියුණු කරන්න මහන්සි වෙන්න. මම මගේ ආයතනවල රෑ එළිවෙනකන් වැඩ කරනවා සමහරදාට. මම පසුගිය දවස්වල රුසියාවේ ගියා. එළිවෙනකන් අමාත්‍යාංශයේ වැඩ කරලයි ඒ ගියේ. එහෙමයි මම සේවයට කැපවෙන්නේ.

    ඔබේ ජීවිතයේ අද අලුත් පිටුවක් පෙරළෙනවා. ධීවර සංස්ථාවෙත් පාඩුව අවම කරගෙන ඉතා ඉක්මනින් එහේ අයවත් ස්ථිර කරනවා. ඔබ මගේ දේශපාලන ගමනට කළ උපකාරවලට ස්තුතියි. ඔබත් ඔබේ යුතුකම ඉටු කරන්න".මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද, අමාත්‍ය මහජන සම්බන්ධතා ලේකම් පේමසිරි පෙරේරා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ, ලංකා ධීවර සංස්ථාවේ සභාපති මහිල් සේනාරත්න, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් මුණසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya