අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු, දකුණ හා බස්නාහිර පවුල් 1856ක් විපතට පත්වෙයි

    ජූනි 03, 2014
    දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව, දකුණ හා බස්නාහිර පළාත්වල පවුල් 1856ක පුද්ගලයින් 7476ක් අවතැන්ව ඇත.
     
    මෙම පළාත්වලින් මරණ 16ක්, අතුරුදන්වීම් 02ක්, තුවාල ලැබූවන් 07ක් වාර්තාවේ. ගංවතුර, පස් කඳු කඩාවැටීම්, දැඩි සුළඟ හා අකුණු ගැසීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති අතර ඒ හේතුවෙන් නිවාස 16ක් පුර්ණ වශයෙන්ද, නිවාස 76ක් අර්ධ වශයෙන්ද හානී වී ඇත.
     
    ඒ අනුව,
    සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල හා දෙහිඕවිය ප්‍රදේශවල පවුල් 03ක පුද්ගලයින් 15ක් විපතට පත්ව ඇත. නිවාස 03කට අර්ධ වශයෙන් හානි සිදුව ඇත. මෙම තත්ත්වයට දැඩි සුළඟ, අකුණු ගැසීම හා පස් කඳු කඩාවැටීම හේතුවී ඇත. 
     
    දකුණු පළාතේ මාතර, වැලිගම, අතුරලිය, මාලිම්බඩ හා අකුරැස්ස ප්‍රදේශවල පවුල් 1856ක පුද්ගලයින් 7476ක් අවතැන්වී ඇත.   මරණ 16ක් හා අතුරුදන්වීම් 01ක් වාර්තා වේ. නිවාස 16කට පූර්ණ වශයෙන්ද, නිවාස 76කට අර්ධ වශයෙන් ද හානි වී ඇත.
     
    බස්නාහිර පළාතේ පවුල් 1792ක පුද්ගලයින් 7194ක් අවතැන්ව ඇත. මරණ 15ක් හා තුවාල ලැබූවවන් 06දෙනෙකු වාර්තා වන අතරම පුද්ගල අතුරුදන්වීම් 01ක්ද වාර්තා වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, වත්තල, දොම්පේ, බියගම හා මහර ප්‍රදේශවල පවුල් 583ක පුද්ගලයින් 2374ක් අවතැන්ව ඇත. මෙම ප්‍රදේශවල නිවාස 02ක් පූර්ණ වශයෙන්ද නිවාස 21ක් අර්ධ වශයෙන් ද විනාශ වී ඇත. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya