නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලගුණික විපර්යාස - අන්තර් රාජ්‍ය සමුළුවේ විශේෂ සාකච්ඡාවක් අද

    ජූනි 03, 2014
    කාලගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුවේ  05 වන ඇගයුම් වාර්තාව පිළිබඳ විශේෂ සාකච්ඡාව අද (03) ජාතික විද්‍යා පදනමේදී පැවැත්වේ.
    මෙම වැඩසටහන තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මේ සඳහා විද්‍යාඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ගුරුවරුන් හා පාසල් ළමුන් රැසක් සහභාගී වේ.
     
    මෙම වාර්තාව මේ වර්ෂය මුලදී නිකුත් කෙරුණු අතර, එමඟින් ඉස්මතු කරන ලද කරුණු පිළිබඳව විද්‍යාඥයින්ට, පාසල් ළමුන්ට, සාමාන්‍ය ජනතාවට හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවබෝධයක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක්ව පවතින බැවින් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික විද්‍යා පදනම විසින් මෙම ‍විශේෂ වැඩසටහන සංවිධානය කරනු ලැබ තිබේ.
     
    කාලගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුවේ පස්වන ඇගයුම් වාර්තාව මඟින් අවධානයට ලක්කරන ලද, ශ්‍රී ලංකාවට අදාළ කාලගුණ විපර්යාස පිළිබඳ කරුණු, ශ්‍රී ලංකාවේ අනාගතයට බලපාන ආකාරය පිළිබඳව සහ එම කරුණු කාරණා ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත තාක්ෂණ හා පර්යේෂණ කටයුතු ඉදිරියට රැගෙන යායුතු ආකාරය සහ සැලසුම් සකස් කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.
     
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya