අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත්වූවන්ට ජනපති නියමයෙන් කඩිනම් සහන Featured

    ජූනි 03, 2014
    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයකට මේ වන විට බලපා ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ පවුල් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.  
     
    අධික වර්ෂාව, ජල ගැල්ම හා නාය යෑම් වැනි ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහ ජීවිත හානියට පත්වූවන්ගේ පවුල්වල අයට රජය කනගාටුව ප‍්‍රකාශ කර සිටියි. 
     
    පීඩාවට පත් වූ ජනතාව ආරක්ෂක ස්ථාන කරා ගෙන යාමට පොලිසිය හා යුද හමුදාව යොදවා ඇති අතර මෙම පවුල් සඳහා සහන සැලසීම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කෙරෙනු ඇත. ඒ අනුව, අවතැන් වූ ජනතාවට අවශ්‍ය පිසූ ආහාරපාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ වන විටත් කඩිනමින් ලබාදීමට පියවර ගෙන ඇත. 
     
    මෙම පුද්ගලයින් සඳහා අවශ්‍ය කරනු ලබන පිසූ ආහාරපාන හා වියළි ආහාර කිසිදු හිඟයකින් තොරව ලබාදීමටත් කටයුතු කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
     
    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් වරින්වර ලබාදෙන කාලගුණික තත්ත්වයන් පිළිබඳ තොරතුරු සම්බන්ධව ජනතාව දැඩි අවධානයෙන් සිටීමෙන් සිදුවිය හැකි හානි අවම කරගැනීමට හැකි බව රජය අවධාරණය කර සිටියි.
     
    DB/CMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya