අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික වර්ෂාව හේතුවෙන් මාර්ග රිය අනතුරු වැඩිවීමේ ප‍්‍රවණතාවක්

    ජූනි 03, 2014

    මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ග රිය අනතුරු වැඩිවීමේ ප‍්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පවසයි.

    විශේෂයෙන් මෝටර් සයිකල්කරුවන් හා ත‍්‍රීවිලර් රථ රියැදුරන් වාහන ඉස්සර කිරීමේදී සහ අධික වේගයෙන් ධාවනය කිරීමේදී මාර්ගයේ ලිස්සන ස්වභාවය පිළිබඳ සැලකිලිමත් විය යුතුවේ. තම ජීවිත මෙන්ම අන් අයගේ ජීවිත ද ආරක්ෂා කිරීමට කල්පනාකාරී වන ලෙස මාර්ගය පරිහරණය කරන සියලුම දෙනාගෙන් සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා ඉල්ලා සිටියි.

    මාර්ග රිය අනතුරු දිනකට 150ක් පමණ අප රට තුළ සිදුවන අතර, පවතින අයහපත් කාලගුණය, මහා මාර්ග අලුත්වැඩියාව, මහා මාර්ගයේ තැනින් තැන ජලය රැඳීම හා ජලය පිරි ඇති ස්ථාන මඟ හැරීමට පදිකයින් එකවර මාර්ගයට අනපේක්ෂිතව ඇතුළුවීම වැනි දෑ මාර්ග රිය අනතුරු වැඩිවීමට බලපෑ හැකි හේතු සාධකයන් බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

    ECB/SK_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya