අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු සුළං ක්ෂණිකව ඉහළට - ධීවර හා නාවික කටයුතු අවධානයෙන් Featured

    ජූනි 02, 2014

    දිවයිනට බටහිර දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව සුළං වේගය පැ.කි.මී. 70-80 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.


    ඉදිරි පැය 18 සඳහා අද පෙරවරු 11.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව මෙම මුහුදු ප්‍රදේශවල තද වැසි අපේක්ෂා කෙරේ.


    ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටී.


    කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි සහිත කාලගුණ තත්ත්වය තව දුරටත් බලාපොරොත්තුවිය හැක. සමහර ස්ථානවලට මි.මි 100 ට වැඩි තද වැසි ද ඇති විය හැක.

     
    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya