මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උද්ධමනය 3.2% දක්වා පහළට Featured

    ජූනි 02, 2014
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ ( කො.පා.මි.ද.) (2006/07=100) විචල්‍ය මඟින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත, පූර්ව මාසයේ පැවති 4.9%හි සිට මැයි මාසයේ දී 3.2% දක්වා සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    මෙම අගය 2012 පෙබරවාරි මාසයෙන් පසු වාර්තා කළ අඩුම අනුපාතිකය වන බවද සඳහන් කරයි.
     
    වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය 2013 ජුනි මස සිට පෙන්නුම් කළ පහළ යාමේ උපනතියට අනුව යමින් 2014 අප්‍රේල් මස පැවැති 5.6% සිට 2014 මැයි මාසයේ දී 5.3%ක් දක්වා තවදුරටත් පහළ වැටී ඇත.
     
    ආහාර නොවන කාණ්ඩයේ සමහර අයිතමයන්ගේ මිල ගණන් අඩුවීම සහ 2013 මැයි මාසයේ පැවැති ඉහළ පදනමෙහි බලපෑම, උද්ධමනයෙහි තියුණු පහළ යාම සඳහා හේතු වී ඇත. ආහාර නොවන කාණ්ඩය තුළ රෙදිපිළි හා පාවහන් උප කාණ්ඩයෙහි මිල ගණන් මෙම මාසය තුළ දී 0.1%කින් ඉහළ නැඟුණ ද නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන උප කාණ්ඩයෙහි මිල ගණන් 0.1%කින් පහළ ගියේය. 
     
    ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ දෛනික ගෘහ නඩත්තුව, ප්‍රවාහනය, සන්නිවේදනය, විනෝදාත්මක හා සංස්කෘතික, අධ්‍යාපන, සෞඛ්‍ය සහ විවිධ භාණ්ඩ හා සේවාවන් යන අනෙකුත් සියලුම උප කාණ්ඩයන්ගේ මිල ගණන් මාසය තුළ නොවනස්ව පැවතිණි.
     
    මේ අතර, පෙර මාසයට සාපේක්ෂව 2014 මැයි මාසයේ දී 1.3%කින් ඉහළ නැගුණ ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩය කොළඹ පාලන මිල දර්ශකයේ මාසික ඉහළ යාම සඳහා ප්‍රධාන දායකයා විය. ආහාර කාණ්ඩය තුළ සියලු ම වර්ගවල පාහේ එළවළු, නැවුම් මත්ස්‍ය වර්ග, අර්තාපල්, ලූනු, අමු මිරිස්, සමහර කුළු බඩු වර්ග සහ සීනි මිල ගණන්හි ඉහළ යාමක් වාර්තා විය. කෙසේ වුවද, සමහර පළතුරු වර්ග සහ බිත්තර ආදියෙහි මිල ගණන් මෙම මාසය තුළ සැලකිය යුතු ලෙස පහළ ගියේය.
     
    මූලික උද්ධමනය 2014 මැයි මාසයේ දී ලක්ෂ්‍යමය පදනම සහ වාර්ෂික සාමාන්‍ය පදනම යන දෙයාකාරයෙන්ම පහළ ගියේය. ඒ අනුව 2013 ජුනි මස සිට තියුණු ලෙස පහළ වැටුණු වාර්ෂික සාමාන්‍ය උද්ධමනය එය හදුන්වාදීමෙන් පසු වාර්තා කළ අඩුම අගය වු 3.1%දක්වා 2014 මැයි මාසයේ දී ළඟා විය.
     
    ලක්ෂමය මූලික උද්ධමනය ද 2014 අප්‍රේල් පැවැති 3.4%හි සිට මැයි මාසයේ දී 3.3%දක්වා සුළු වශයෙන් පහළ ගියේය. සමස්ත ඉල්ලුමෙහි වර්ධනය ඵලදායි ලෙස පාලනය කිරීමෙහි ලා ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තියෙහි බලපෑම මෙම සතුටුදායක හැසිරීම මඟින් පිළිඹිබු කෙරෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya