අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටූනා කොමිසමේ 18 වන සැසිය ඇමැති බැසිල්ගේ ප්‍රධානත්වයෙන්

    ජූනි 02, 2014
    ඉන්දියානු සාගර කලාපීය ටූනා කොමිසමේ 18 වන සැසිවාරයේ සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී ආරම්භ විය. 
     
    ඉන්දියානු සාගර කලාපීය ටූනා කොමිසම අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 105 වන සමුළුවේදී ස්ථාපනය කරනු ලැබූ 14 වැනි වගන්තිය යටතේ 1993 වසරේ නොවැම්බර් 25 වන දින පිහිටුවා ඇත. 70 දශකයේ පටන් ධීවර කාර්මික යාත‍්‍රා කටයුතුවල ඇති වූ විශාල වර්ධනය නිසා ටූනා මත්ස්‍ය සම්පත විශාල වශයෙන් නෙළා ගැනීම ආරම්භ වූ අතර මෙම හේතුව නිසා ටූනා මත්ස්‍ය සම්පත නිසි ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ඇතිවිය. මේ නිසා ඉන්දියානු සාගර මත්ස්‍ය සම්පත් කළමනාකරණය සඳහා විද්‍යාත්මක පදනමකින් සකස් කිරීම සඳහා මෙම ආයතනය පිහිටුවා ඇත. 
     
    මෙම සංවිධානය මඟින් ඉන්දියානු සාගරයේ පවතින ටූනා වර්ගයේ මත්ස්‍ය සම්පත කළමනාකරණය කරමින් ආරක්ෂා කිරීමට කටයුතු  කරනු ලබයි. ශ‍්‍රී ලංකාව මෙහි ආරම්භක සාමාජිකයෙකි. මේ වන විට ඉන්දියානු සාගරය ආශ‍්‍රිතව මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ඕස්ට්‍රේලියාව, බෙලීස්, චීනය, කොමොරොස්, එරිත‍්‍රියා, යුරෝපා ප‍්‍රජාව, ප‍්‍රංශය, ගුන්යාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ජපානය, කෙන්යාව, කොරියාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින්, මොරිෂස්, මොසැම්බික්, ඕමානය, පකිස්තානය, පිලිපීනය, සී ෂෙල්ස්, සියෙරා ලියොන්, සුඩානය, ශ‍්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් රාජධානිය, වනුඅටු  සහ 
    උරුගුවේ යන රාජ්‍යයන් 31 මෙම සංවිධානයේ සාමාජිකත්වය දරති. 
     
    ජූනි 1 සිට 5 වන දින දක්වා දින 5ක් මෙම සමුළුව පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. මෙම සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයයි. 
     
    මෙම අවස්ථාවට ධීවර සහ ජලජ සම්පත්  අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස්, ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, මාලදිවයින් ධීවර හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය සහා වහීඩ්, ඉන්දියානු සාගර කලාපීය ටූනා කොමිසමේ සභාපති ධරෝමලිංගම් මව්රී, ටූනා කොමිසමේ විධායක ලේකම් රොන්ඩල්ෆ් පයට්, සාමාජික රටවල ධීවර අංශයේ රාජ්‍ය ආයතනයන්හි නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    TUNA SUMMIT 1
     
     
     
    TUNA SUMMIT 2
     
     
     
     
    TUNA SUMMIT 3
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya