අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත සාලිය දිසානායක දේහයට අගමැතිගෙන් අවසන් ගෞරව

    ජූනි 02, 2014
    මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය, පළාත් සභා හිටපු සභාපති වූ අභාවප්‍රාප්ත සාලිය දිසානායක මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
     
    හඟුරන්කෙත මාදන්වල පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිවසේ තැන්පත් කර තිබුණු ඒ මහතාගේ දේහයට ඊයේ (01) අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව පුද කළේය.  
     
    අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහත්වරුන්ද අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට එක්වූහ.
     
    අභාවප්‍රාප්ත සාලිය දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ හඟුරන්කෙත සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ දී සිදු කිරීමට නියමිත ව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya