ඊයේ (01) තලෙයි මන්නාරමට උතුරින් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී නීතිවිරෝධීව ධීවර කර්මාන්තයේ නිරත ව සිටි මෙම ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රා 6ක් සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු මැද නාවික විධානයයට අයත් මුර සංචාරක යාත්‍රා මඟිනි.
අත්අඩංගුවට ගත් මෙම යාත්‍රා සහ ධීවරයින් නීතිමය පියවර ගැනීම සඳහා මන්නාරම ධීවර හා ජලජීවී සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාර දී ඇතැයි නාවික හමුදාව පවසයි.
HC/pix: navy media