අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු පළාත්වලට විටින් විට වැසි

    ජූනි 01, 2014

    අද (01) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.


     මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹට වැසි වාර කිහිපයක් ඇති වන අතර ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි ඇති විය හැක.


    මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    අනුරාධපුර, යාපනය, ත්‍රිකුණාමලය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya