නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් මෙවර අම්පාරේ දී

    දෙසැම්බර් 22, 2015

    සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී පැවත්වෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    මෙම වැඩසටහන ලබන 25 වැනි දා ආරම්භ වන අතර ලබන 26 හා 27 යන තෙදින තුළ පැවැත් වේ.

     

    ලබන 25 වැනි දා සිසුන් ලියාපදිංචි කිරීම සිදු වන අතර 26 වැනි දා සිසු නිපුණතා ඇගයීම් පැවැත් වේ.

     

    එසේම 27 වැනි දා ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

     

    මෙම නිපුණතා ඇගයීම් වැඩසටහන කාණ්ඩ කිහිපයක් ඔස්සේ සිදු වන සමස්ත ලංකා මට්ටමින් සිසු දරුවන් 792 දෙදෙනෙක්, තරග 36ක්, දිස්ත්‍රික්ක 22ක් නියෝජනය කරමින් සහභාගි වෙති.


    කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුලසධම්ම නායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදූවේ ගුණාන්නද ස්වාමීන් වහන්සේ, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya