යුධ හමුදා නිල වෙබ් අඩවියට අනුව මෙහිදී පැවතී සුහද සාකඡාවේදී ශ්‍රී ලංකා හමුදා එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යෙදවීම, ඒ වෙනුවෙන් සිදු කරන පෙර සුදානම් වීම, කුකුලේගඟ සාමසාධක පුහුණු ආයතනයේ සිදුකෙරෙන පුහුණු කිරීම් හා මානුෂිය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය වැනි කරුණු සාකච්ඡාවට ලක් විය. මෙම හමුව යුධ හමුදා මුලස්ථානයේදී පැවැත්වින.
එසේම සිය අදහස් දක්වමින් ආචාර්ය සීරයිට් මහත්මිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා හමුදාවන් දක්වන සහය අගයකරමින් තවදුරටත් එම සහය ලබාදීම පිළිබඳව සිය අදහස් දක්වා ඇත.
සිය අදහස් දක්වමින් හමුදාපතිවරයා කුකුලේගඟ සාමසාධක මෙහෙයුම් පුහුණු අයතනයේ (INSTITUTE OF PEACE SUPPORT OPERATIONS TRAINING SRI LANKA - IPSOTSL) පුහුණව ලබන නිලධාරින් සහ සෙසු නිළයින් ජාත්‍යන්තර මට්ටමේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීමට සහ සාම සාධක රාජකාරි වෙනුවෙන් යෙදවීමේ හැකියාවෙන් යුත් පිරිසක් බව පෙන්වා දී ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා හමුදා මානුෂිය බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් උතුරේ විශාල භූමි ප්‍රදේශයක බිම්බෝම්බ ඉවත් කර ඇති බවත්, වසර කිහිපයක දී බිම්බෝම්බ ඉවත් කිරීමෙන් ලබාගත් ප්‍රගතිය ලෝකයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියන් හී ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් තවදුරටත් පවසා ඇත.
මෙම අවස්ථාවට කෙවින් ස්හොව් මහතා (Mr Kevin Zhou), ආරක්‍ෂක උපදේශක ලුතිතන් කර්නල් රොබට් නොක්ස් රොස් ( Lieutenant Colonel Robert Knox Ross, Defence Attaché), ලුතිතන් කර්නල් සැන්ෆෝඩ් (Lieutenant Colonel Sanford) යන නිලධාරීන් සහභාගී වු අතර, ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ආර් රත්නසිංහම් හා ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න සහභාගි වූහ.
ආචාර්ය සීරයිට් මහත්මිය ආසියානු සහ ෆැසිපික් කලාපයේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ සහකාර ලේකම් කාර්යාලයේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය ආරක්‍ෂක නියෝජ්‍ය සහකාර ලේකම් වශයෙන් කටයුතු කරන අතර, එම කලාපයේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධව ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උපදේශක වශයෙන් ද කටයුතු කරයි. දකුණු ආසියානු රටවල් (පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය හැර), ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆැසිපික් දූපත් රාජ්‍යන් හා නැගෙනහිර තිමෝරය ඇතුළු අග්නිදිග ආසියානු රටවල් සමග ද්විපාර්ශික ආරක්‍ෂක සබඳතා ඇතිකරගැනීම පිළිබද වගකීම ද ආචාර්ය සීරයිට් මහත්මිය දරණු ලබයි.