බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයේ නියුතු I වන හා II වන පෙළ ජේලර් තනතුරුවලට උසස්වීම් ලද නිලධාරීන්ගේ පත්වීම් ලිපි ප්රදානය කිරීම පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා ඉංජිනේරු කාර්යයන් පිළිබද උපදේශන කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
I වන පෙළ ජේලර් තනතුරු 20 දෙනෙකු සඳහාත් II පෙළ ජේලර් තනතුරු 64 දෙනෙකු සඳහාත් මෙහිදී පත්වීම් ලිපි පිරිනැමිණි.
I වන පෙළ ජේලර් තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් අතර II පෙළ තනතුරු සඳහා පසුගිය ජනවාරියේ පවත්වන ලද විභාගයකින් තෝරා ගැනීම් සිදු කර තිබේ.
NDH