නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 වසරේ නව නිවාස 160,000ක් ඉදිකිරීමට පියවර Featured

    දෙසැම්බර් 16, 2015

    ශ්‍රී ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම නව නිවාස 1000 බැගින් නිවාස 160,000ක් ඉදි කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙම අයවැය යෝජනාව තුළින් වෙන් කර ඇති බව නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


    2015 වසරේ ක්‍රියාත්මක කළ වැඩසටහන් හා 2016 වසරේ ඉදිරි සැලසුම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එක් නිවසක් වෙනුවෙන් රු. 300,000 බැගින් නිවාස 160,000 සඳහා රුපියල් බිලියන 48ක් වැය වන බවත්, දැනට යෝජිත අයවැයෙන් රුපියල් මිලියන 4,500ක් වෙන් කොට ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    ඉදිරි වසරේ දී උදාගම්මාන ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය අරමුදලින් උදාගම්මාන 200ක් පිහිටු වීමට කටයුතු කරන බවත් පෞද්ගලික හා වෙනත් ආයෝජන ඔස්සේ එය ගම්මාන 500ක් දක්වා වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    සම්පත් සෙවන නිවාස අරමුදල් ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක මට්ටමින්, ප්‍රාදේශිය මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් නිවාස කමිටු පිහිටුවා පහළ සිට ඉහළට සිදුවන සන්නිවේදන ක්‍රමයක් ඔස්සේ නිවාස පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    මීට අමතරව, කාන්තා මූලික පවුල් වෙනුවෙන් කාන්තා කටයුතු අමාත්‍යංශය හා එක්බද්ධ විශේෂ නිවාස වැඩසටහනක්, අලි මිනිස් ගැටුමෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් වෙනුවෙන් වනජීවි අමාත්‍යංශය හා ඒකාබද්ධ විශේෂ නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

     

    ස්වාභාවික විපත් නිවාස අහිමි වූ පිරිස් වෙනුවෙන් අපදා කළමනාකරණ අමාත්‍යංශය හා එකාබද්ධ විශේෂ නිවාස වැඩසටහනක් මෙන් ම උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය හා ඒකාබද්ධ විශේෂ නිවාස වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.


    මෙහිදී ප්‍රාදේශීය, කලාපීය, ග්‍රාම සේවා වසම් හා කුඩා ගම්මාන සඳහා ජංගම සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිත බව වැඩි දුරටත් පැවසීය.

     

    මෙහිදී 2015 වසරේ ක්‍රියාත්මක කළ නිවාස සංවර්ධන වැඩසටහන් පිළිබඳ අදහස් දැක් වූ අමාත්‍යවරයා දින 100 රජය තුළ ක්‍රියාත්මක කළ නිවාස 50,000 වැඩසටහන ඔස්සේ මේ වන විට නිවාස 35,000ක පමණ ඉලක්කයක් සපුරාගෙන ඇති බවත්, මහ මැතිවරණයෙන් පසුව රුපියල් මිලියන 240ක් වැය කරමින් රට පුරා උදාගම්මාන 38ක් ඉදි කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

     

    මීට අමතරව සම්පත් සෙවන, සෙවන නිවාස අරමුදල හා සෙවන ලොතරැයිය, ලෝක ජනාවාස දිවය නිමිත්තෙන් නිවාස 25,000ක් කපරාදු කිරීම යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya