රුවන්වැල්ල ඉඳුරාන ගම්මානයේ ඉදිකර ඇති කුඩා ජලවිදුලි බලාගාරයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කිලෝවොට් 40 ක විදුලි උත්පාදනයක් සහිත මෙම බලාගාරය ඉදිරියේදී පුනර්ජනනීය බලශක්ති උත්පාදනය පිළිබඳ පාසල් ළමුන්ටත්, ආයෝජකයින්ටත් නැරඹීම සහ කරුණු දැනගැනීම සඳහා ඉඳුරාන ගම්මානය ආදර්ශ බලාගාරයක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කාර්යක්ෂම විදුලි සේවාවක්, අඛණ්ඩ විදුලි සැපයුමක්, ස්වයං පෝෂිත විදුලි උත්පාදනයක් සහ ස්ථාවර විදුලි ජනන පද්ධතියක් ඇති කිරීම සහ අවසානයේ පාරිභෝගිකයාට වඩා හොඳ විදුලි සේවයක් සැපයීම සෑම කටයුත්තකම අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අයවැය යෝජනාව අනුව 2015 ජනවාරි 01ට පෙර බලපත්‍ර ලබාගෙන දෙසම්බර් 31 දක්වා ප්‍රගතියක් නැති අයගේ බලපත්‍ර අහෝසි කරන අමාත්‍යවරයා බව වැඩිදුරටත් අවධාරණය කළේය.
kpm