අද (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය හමුවී ෂී යුඈ මෙනවිය මේ බව සඳහන් කළාය. නිවැරදිව සිංහල භාෂාව හැසිරවීමේ මනා හැකියාවක් ඇති ඇය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමඟ එක්ව වැඩ කරයි.
තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වේගවත් ලෙස සිදු වන බවත් කිසිදු අවහිරතාවයකින් (Internet traffic) තොරව රජයේ නිල පුවත් වෙබ් අඩවියට පිවිසීමට හැකි වීම මෙම වෙබ් අඩවියේ සුවිශේෂි ලක්ෂණයක් ලෙස ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු සහ රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් බව ෂී යුඈ මෙනවිය news.lk අගයමින් ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සුන්දරම හා පිරිසිදුම රටක් බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
SDF