අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මානව සම්පත් සහ සේවා නියුක්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මකයි Featured

    මැයි 27, 2014

    ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මක හා උසස් මට්ටමේ මානව සම්පත් සංවර්ධනයට පහසුකම් සැලසෙන ක්‍රමෝපායන් පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ  සාකච්ඡාවක්  අද (27) මානව සම්පත් පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය ඩී.ඊ.ඩබ්ලිව්.ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.


    ශ්‍රී ලංකාවේ දැනට පවතින එක් එක් ප්‍රතිපත්ති මාලාවන්, මානව සම්පත් යටතේ එක් ප්‍රතිපත්ති මාලාවකට ගෙන ඒම ජාතික මානව සම්පත් සහ සේවා නියුක්ති ප්‍රතිපත්තිය සැකසීමේ අරමුණ වේ. මෙම ප්‍රතිපත්ති මාලාව රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, වෘත්තීය සමිති, සේව්‍ය හා සේවක සංගම්, ආශ්‍රිත විෂය පතයන්හි විශේෂඥයින්ගේ විචාරාත්මක ප්‍රවේශයන්  සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණ හා මුල්‍ය සහයෝගීතාවයෙන් සකස් කරන ලද්දකි. මෙම සකස් කළ ජාතික මානව සම්පත් සහ සේවා නියුක්ති ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගත් අතර 2012 ඔක්තෝබර මාසයේදී ජනාධිපතිතුමන් විසින් ක්‍රියාත්මක කරන ලදී.   


    ජාත්‍යන්තර හා දේශීය මට්ටමට ගැළපෙන අයුරින් ඉහළ දක්ෂතාවෙන් යුතු, ගෝලීය වශයෙන් තරගකාරී, බහුවිධ කුසලතාවෙන් යුක්ත, ඵලදායී ශ්‍රම බලකායක් සැකසීම සඳහා මාර්ගෝපදේශයන් මෙන්ම රටේ මානව සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව යෙදවීම මෙම ප්‍රතිපත්තිය මගින් සකස් කෙරේ. රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය තුළින් ශ්‍රම බලකායේ සහභාගීත්වය වඩා විධිමත් කිරීමටත්, ශ්‍රම බලකායේ  කුසලතා හා ඔවුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමටත්, රැකියා වෙළඳපොළ තුළ පවතින ගැටලු අවම කිරීමටත්, අධ්‍යාපන ක්‍රමය හා සේවා නියුක්තිය අතර පවතින අසමබරතාව අවම කිරීමටත් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වේ. මෙම ජාතික මානව සම්පත් සහ සේවා නියුක්ති ප්‍රතිපත්තිය රේඛීය අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කෙරේ.


    මෙම මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලයේ ලේකම් මහින්ද මඩිහහේවා,  ජාතික මානව සම්පත් සහ සේවා නියුක්ති ප්‍රතිපත්තිය සැකසීමේ උපදේශක මණ්ඩලයේ ඩී.එල්. කුමාරදාස, ටී.එම්. ජයසේකර, උපාලි අතුකෝරල, එම්.සී. මාතුපාල සහ ආංශික විශේෂඥ ලයනල් ප්‍රනාන්දු යන මහත්වරු ද සහභාගි වූහ.

     

    PM/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya