අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා චීන සබඳතා අද මෙන්ම අතීතයේ පැවතීම ඉතා සුවිශේෂියි

    මැයි 27, 2014

    අතීතයේ මෙන්ම වර්තමානයේ දී ශ්‍රී ලංකා චීන සංස්කෘතික සහයෝගිතාවය ඉතාමත් සුවිශේෂි සබඳතාවයක් වන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පවසයි.

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම සබඳතාවය නිසා චීනයේ දෘශ්‍ය කලාවන් ශ්‍රී ලාංකීය ප්‍රජාවන් අතර, ඉතා ජනප්‍රියතාවයකට පත්ව තිබෙන බවයි. අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය විසින් සංවිධානය කරන ලද චීනයේ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

     වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ “ශ්‍රී ලාංකිකයින් පමණක් නොව සමස්ත ලෝකවාසීන්ට ම චීනයේ චිත්‍ර කලාව ඉතා සුවිශේෂි බවයි. චීනයේ සාම්ප්‍රදායික චිත්‍ර කලාව ලෝකයේ කලා සාම්ප්‍රදායන් තුළ අඛණ්ඩව පැවත එන කලාංගයක් වන අතර, මෙයින් අපට ප්‍රත්‍යමාන වන්නේ චීන සාම්ප්‍රදායික චිත්‍ර කලාව, රූප වින්දනය හා අර්ථ වින්දනය යන අංශ දෙකම කැටි වූ බුද්ධිමය සම්මිශ්‍රණයකි. එමෙන්ම චීන චිත්‍ර කලාව බෞද්ධ ආභාසයක් ගෙන තිබීමත්, සාම්ප්‍රදායික චිත්‍රවල රටාවන්ගෙන් පෝෂණය වී තිබීමත් දැකිය හැකි තවත් සුවිශේෂිභාවයකි.

    මෙම චිත්‍ර ප්‍රදර්ශනය මගින් චීන චිත්‍ර ශිල්පීන්ගේ චීන සාම්ප්‍රදායික චිත්‍ර කලාවන් ලෝකයේ කලාලෝලී ජනතාවට හඳුන්වාදීමට දරණ උත්සාහය පිළිබඳව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා හැටියට තමා ස්තුතිය පුද කරන  බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    මෙම චීන චිත්‍ර ප්‍රදර්ශනය ඊයේ 26 සහ අද 27 යන දෙදින තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය පීඨයේ ජී.ඒ.ඩී. පෙරේරා ශාලාවේ පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ චීනයේ සභාපති Liu Weidung, චීන ශ්‍රී ලංකා තානාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා අංශාධිපති මහාචාර්ය ආර්.ඒ.සරත්චන්ද්‍රජීව මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya