නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිල ඇඳුම් සඳහා වවුචර්යක් ලබා දීමට පියවර Featured

    නොවැම්බර් 13, 2015

    පාසල් සිසුන් සඳහා 2016 වසරේ සිට පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර්පතක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.


    රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසුදරුවනට නොමිලයේ පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම 1993 වර්ෂයේ සිට පාසල් 10,000ක පමණ, සිසුන් මිලියන 4.2කට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අඛණ්ඩව සිදුකර ඇති අතර 2015 වර්ෂයේ සිට වසර මැදදී ද පාසල් 4,000ක සිසුන් ලක්ෂ 07කට රෙදි මීටර් 2,140,000ක් ලබා දීම සිදුකර ඇත.

    මෙහිදී ජාතික තරගකාරී ලංසු ක්‍රමය යටතේ රෙදි මිල දී ගෙන පාසල් දරුවනට බෙදා දීම සිදු වූ අතර මේ සඳහා රුපියල් මිලියන 2300 ක් පමණ වැය කළේය.

    2015 වසරේදී සමස්ත නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් ප්‍රසම්පාදනය කොට සපයා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2013.05.21 තීරණය කරන ලදී.

    ඒ අනුව 2015 වර්ෂය සඳහා නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව දේශිය රෙදි පිළි නිෂ්පාදකයන් වෙතින් සපුර ගැනීම සිදු වුවත් එහි දී රජය මුහුණ දුන් බරපතල ගැටලුවක් වූයේ නියමිත ගුණාත්මක භාවයෙන් යුතු නිල ඇඳුම් රෙදි පාසල් ළමුන්ට ලබා නොදීම සම්බන්ධව විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    නිල ඇඳුම් සඳහා සපයන ලද රෙදි ගුණත්වය පහළ යාම නිසා ඇතැම් ළමුන් භාවිතය ප්‍රතික්ෂේප කරන බවත්, නිවසේ වෙනත් කටයුතු සඳහා යොදා ගන්නා බවටත් චෝදනා එල්ල වී තිබෙන බවත්  නියමිත දිනයට සැපයීමේ දී ද, විවිධ දුෂ්කරතාවයනට මුහුණ දීමට සිදු වූ අතර නිල ඇඳුම් රෙදි ප්‍රවාහනය, ඇසිරීම, බෑම, පැටවීම සඳහා ද විශාල පිරිවැයක් දැරීම,  මෙම නිල ඇඳුම් ගබඩා කිරීම හා නඩත්තු සඳහා ද විශාල පිරිවැයක් දැරීමට ද සිදු වූ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

    මීට අදාළව ප්‍රසම්පාදන කමිටු, තාක්ෂණ ඇගයීම් කමිටු සහ කාර්ය මණ්ඩලය පූර්ණකාලීනව යෙදවීමට සිදු වූ අතර දේශීය රෙදි නිෂ්පාදකයින්ගේ හා රෙදි ආනයන කරුවන්ගේ ඒකාධිකාරයට රජයට වරින්වර මුහුණ දීමට සිදු වීම ද, තවත් ගැටලුවක් ව පැවතියේය.

    මෙම කරුණු පිළිබඳ විමර්ශනාත්මකව අධ්‍යයනයට ලක් කළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් ලබා දීම වෙනුවට පාසල් ළමුන් වෙත මුදල් වවුචර් පත් නිකුත් සුදුසු බවට තීරණය කර තිබේ.


    ඒ අනුව පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් ලබා දීම වෙනුවට මුදල් වවුචර් පත් ලබා දීමට අදාළව සුදුසු ක්‍රමවේදයක් සැකසීම සඳහා කමිටුවක් පත්කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපන ලේකම්වරයා වෙත දැනටමත් උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya