අද දිනයේ රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹුකර තබන ලෙස ඉල්ලා සිටි අතර සියලු සුරා සැල් සහ මස් අලෙවිසැල් වසා දමන ලෙස රජය දැනුම් දී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර අද දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මෙම ආදාහන පූජෝත්සවය පැවැත්වීමට සැළසුම් කර ඇත.
එමෙන්ම බස්නාහිර පළතේ සියලු පිරිවෙන් අද දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ සියලු චිත්‍රපට ශාලාද වසාදැමීමට ද දැනුම් දී ඇත.
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිගේ ආදාහන පූජෝත්සවය පැවත්වෙන අද දින විශේෂ රථවාහන සැළැස්මක් ද ක්‍රියාත්මක කර තිබේ.