ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 116ට නඩු පවරා ඇති බවත් එසේම 52ට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර ඉන් 10ක් අභියාචනා ඉදිරිපත් කර තිබෙන බවත් එහි දක්වා තිබේ.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති අතර ජනාධිපතිතුමා, අගමැතිතුමා හා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා පවත්වා ඇප මත නිදහස් කළ හැකි සැකකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
අදාළ සැකකරුවන්ගේ නීතිඥ මහත්වරුන් විසින් ඇප අයදුම්පත් අදාළ අධිකරණවලට යොමු කිරීමෙන් අනතුරුව අදාළ අයදුම්පත් එම අධිකරණ මගින් සලකා බලනු ඇත.
මීළඟ අදියරේදී තවත් රැඳවියන් 32ක් ඇප මත මුදාහැරීමට කටයුතු කිරීමට අදහස් කෙරේ.
සෙසු රැඳවියන් සම්බන්ධයෙන් ද පවත්නා නඩු කටයුතු අධ්‍යයන කර ඔවුන්ට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට පියවර ගැනීමට රජය අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.