අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දිනවල දිවයිනේ දකුණු කොටසට වැසි

    මැයි 25, 2014

    ඉදිරි දින කිහිපය තුළ දී ප්‍රධාන වශයෙන් දිවයිනේ දකුණු කොටසට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (25) දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විශේෂයෙන් උදය කාලයේ දී වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.


    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තරමක තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව නුවරඑළිය, මහනුවර, කොළඹ, රත්නපුර හා ගාල්ලට සිහින් වැසි වාර කිහිපයක් (විශේෂයෙන් උදය කාලයේ දී) ඇති විය හැක. මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී. යාපනයට වැස්සක් ඇති විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya