මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 2015 අද සිට Featured

    නොවැම්බර් 06, 2015

    ශ‍්‍රී ලංකා චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමය මෙහෙයවන කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල 2015 අද (06) රීගල් සිනමා ශාලාවේ දී ඇරඹේ.

    හෙට (07) සිට 11 වෙනිදා දක්වා වඩා පුළුල්වත්, විධිමත්වත්ව ලෝක සිනමාව පෝෂණය කළ සිනමා පට සියයක් පමණ මෙවරත් විවිධ අංශ ඔස්සේ පේ‍්‍රක්ෂකයා වෙත රිදී තිරයේ දිග හැරීවීමට කටයුතු සූදානම් කර ඇත.

     

    ඒ අනුව අද දින කීර්තිමත් ප‍්‍රංශ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ජැක් ඔඩියාඩ් විසින් අධ්‍යක්‍ෂණය කළ කෑන්ස් ගෝල්ඩන් පාල්ම් සම්මානයෙන් පිදුම් ලද ‘දීපන්’ චිත‍්‍රපටය කොළඹ 02 රීගල් සිනමා ශාලාවේ තිරගත කරමින් පේ‍්‍රක්ෂකයන් සඳහා විවෘත වෙයි.

     

    ‘ඔබ ඇවිත් පිරෙන්න’ මෙවර සිනමා උළෙලේ තේමා පාඨයයි. සැබෑ සිනමා කෘතියක් නැරඹීම තුළ පේ‍්‍රක්‍ෂක සිත් සතන් රසයෙන් පිරෙයි. නුවනින් පුබුදන එය ජීවිතය පිළිබඳ අලූත් අත්දැකීම් වලින්, දැනුමින් පුරවයි. එයම ජීවිතය සුපුෂ්පිත වීම අවුරන සමාජ දේශපාලනික ප‍්‍රතිරෝධයන් වටහා ගැනීමට රුකුල් දෙයි. තමන්ට තමන්වම එළිදරවු කරගැනීමට ඉඩ පහදා පිරිපුන් මිනිසෙකු කරයි.

     

    උළෙලට සමගාමීව ශ‍්‍රී ලාංකේය චිත‍්‍රපට කර්මාන්තයේ එදා සිට අද දක්වා ක‍්‍රමික විකාශනය අන්තර්ගත ප‍්‍රදර්ශනයක් ද නොවැම්බර් 6 සිට 11 දින දක්වා ජාතික චිත‍්‍රපට සංස්ථා පරිශ‍්‍රයේ දී පැවැත්වේ. සිනමා සංස්කෘතියට අදාළ පොත් පත් දොරටවැඩුම්, වාර්තා චිත‍්‍රපට ප‍්‍රදර්ශනයන්, වේෂ නිරූපණ ශිල්පයේ ක‍්‍රමවේදයන්, කලා අධ්‍යක්‍ෂණය සම්බන්ධ නිර්මාණ සහ සංගීත සැඳෑවන් මේ ආශ‍්‍රිතව සිදුවේ.

     

    මෙම වසරේ සිට ආසියානු තරගය නමින් නව අංශයක් දියත් කිරීමත් සමගම කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල අද වන විට වඩාත් තරගකාරී චිත‍්‍රපට උළෙලක් බවට පත්වෙමින් ඇත. ආසියානු කලාපයේ රටවල සම්මානයට පාත‍්‍රවූ චිත‍්‍රපට දහයක් උළෙලේ ප‍්‍රශස්තම සම්මානය සඳහා තරග කිරීමට ඉදිරිපත්ව ඇත.

     

    උළෙලේ දී දේශීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් 2015 වසරේ සිට ‘ශ‍්‍රී ලාංකීය නව සිනමාවේ විචිත‍්‍රත්වය’ නමින් නව තරග අංශයක් හඳුන්වා දී ඇත. NETPAC ජූරිය මගින් නම් කරනු ලබන වසරේ වඩාත්ම සිනමාත්මක චිත‍්‍රපටය වෙනුවෙන් ‘හෙට දවසේ සිනමා සම්මානය’ පිරිනැමෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya