සාම්ප‍්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ‍්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය අරමුණු කරගනිමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ජාතික විද්‍යා දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් නොවැම්බර් මාසය පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද වන විට සහස‍්‍ර සංවර්ධන ඉලක්කයන්ගෙන් වැඩි ප‍්‍රමානයක් ශ‍්‍රී ලංකාව විසින් සපුරාගෙන තිබේ. ප‍්‍රාථමික අධ්‍යාපනය, සාක්ෂරතාවය හා දරුවන් පාසල් ගතකිරීමේ ප‍්‍රතිශතය වැඩි කිරීම යනාදිය ප‍්‍රමුඛ වී ඇති බව ප‍්‍රකාශ කරන ලදි.
තමන් පරිසර අමාත්‍යවරයාව සිටියදී තිරසාර අනාගතය පිළිබඳ කෙටුම්පත් සකස් කිරීමත් සම්පත් දායකයෙක් ලෙස එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සමඟ සම්බන්ධ වූ බවත් මෙම ගිවිසුමේදී ඉදිරි අවුරුදු 15 තුළ (2016) සිට 2030 දක්වා සාමය, ධනාත්මක වෙනසක් හා සංවර්ධනය වැඩි දියුණු කිරීමට බලයක් ලෙස විද්‍යාව පවත්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අවධානය යොමුකළ බවද අමාත්‍යවරයා පෙන්වා දුනි. තවද ජල කළමණාකරණය, පරිසර පද්ධති හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා සාගර සම්පත් තිරසාරව භාවිත කිරීම, නවෝත්පාදන වැඩි දියුණු කිරීමට හා දුප්පත්කම තුරන් කිරීමටත්, අසමානතාවය අඩු කිරීමටත්, දේශගුණ විපර්යාස හා ආපදා කළමණාකරණය කිරීම සඳහා පිළිතුරු ලබාගැනීමට විද්‍යාව භාවිත කිරීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආර්. විජියලඞ්චුමී මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ ප‍්‍රධානීන්ද අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වල ප‍්‍රධානීන්ද එක් වී සිටියහ.
SDF