අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තරමක තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව නුවරඑළිය, මහනුවර, කොළඹ, රත්නපුර හා ගාල්ලට වැසි වාර කිහිපයක් (විශේෂයෙන් උදය කාලයේ දී) ඇති විය හැක. ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනුරාධපුර සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී. යාපනයට වැස්සක් ඇති විය හැක.
HC