අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේරාදෙනිය හා නේපාල ට්‍රිබුවාන් විශ්වවිද්‍යාල අතර ගිවිසුමක්

    මැයි 24, 2014
    උසස් අධ්‍යාපනය සංවර්ධනය සඳහා වන පර්යේෂණ හා ශක්‍යතාව ඉහළ නැංවීම පිළිබඳව වූ නෝර්වීජියානු වැඩසටහන (NORHED) යටතේ අධ්‍යයන හුවමාරු හා උසස් අධ්‍යාපන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා නේපාලයේ ට්‍රිබුවාන් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇත.
     
    මෙම විශ්වවිද්‍යාල දෙක අතර උසස් අධ්‍යාපනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිණිස මෙම අවබෝධතා ගිවිසුම මඟින් වසර 5ක කාලයක් පුරා දේශන සඳහා කථිකාචාර්යවරුන් හුවමාරු කර ගැනීම, දෙපාර්ශවයේ අභිමතය පරිදි තෝරාගත් මාතෘකා යටතේ අධ්‍යාපනික සම්මන්ත්‍රණ පැවැත්වීම, ඒකාබද්ධ පර්යේෂණ හා පුහුණු වැඩසටහන් සංවිධානය, සහභාගීත්ව සහ අධ්‍යාපනික තොරතුරු හුවමාරු කර ගැනීම පිණිස පීඨ සාමාජික සාමාජිකයින්ගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හමුවීම් දිරිමත් කිරීම සඳහාත් පහසුකම් සැපයෙනු ඇත.
     
    මෙම ගිවිසුමට අනුව NORHED ව්‍යාපෘතිය යටතේ වසර 5ක කාලයක් තුළ නේපාලයේ ට්‍රිබුවාන් විශ්වවිද්‍යාලයෙන් නෝර්වීජියන් ක්‍රෝන් 1,196,970ක් ප්‍රතිපාදන වශයෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව ශාස්ත්‍රපති උපාධි ශිෂ්‍යත්ව 9ක්, ආචාර්ය උපාධි සඳහා ශිෂ්‍යත්ව 2ක් හා එක් අධි ශිෂ්‍යත්වයක් ලබාගැනීමට හැකිවනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya