අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයෙන්

    මැයි 24, 2014
    සියලුම රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, ව්‍යාපෘති, ව්‍යස්ථාපිත මණ්ඩල සහ සංස්ථාවන්හි නිර්විනාශක පරීක්ෂණ සේවාවන් "නිර්විනාශක පරීක්ෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානය" වෙතින් ලබාගත යුතු බවට රජය තීරණය කොට ඇත. 
     
    නිර්විනාශක පරීක්ෂාව යනු ලෝහමය සහ ලෝහමය නොවන (කොන්ක්‍රීට්) ව්‍යුහයන්, එම ව්‍යුහයන්ට හානියක් නොකර භෞතික වශයෙන් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියයි. මෙය යම් නිෂ්පාදනයක් දෝෂ රහිතදැයි සොයා බැලීම සඳහා කර්මාන්ත අංශයේ පුළුල්ව භාවිතයට ගැනෙන ක්‍රමවේදයකි. 
     
    නිර්විනාශක පරීක්ෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 594ක් වැය කොට ඇත. නිර්විනාශක ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය අංශයේ ඉල්ලීම් සපුරාලීමේ හැකියාව මෙම මධ්‍යස්ථානය සතු වේ. මෙම මධ්‍යස්ථානය 2014 වසරේ තෙවන කාර්තුවේ සිට පූර්ණ ලෙස ක්‍රියාත්මක වනු ඇත.
     
    පරමාණුක ශක්ති අධිකාරිය විසින් 1982 වර්ෂයේ සිටම මෙම නිර්විනාශක සේවාවන් සැපයීම සහ ඒ පිළිබඳ පුහුණු කිරීම සිදුකරනු ලැබේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම සේවාව සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මානව සම්පත් සහිත එකම රාජ්‍ය ආයතනය වන්නේ පරමාණුක ශක්ති අධිකාරියයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya