ඒ අනුව සැප්තැම්බර් මාසයේදී සංචාරකයින් 143,374ක් මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවත ම දත්ත අනාවරණය කරයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත පෙන්වා දෙන්නේ එය පසුගිය වසරේ එම මාසයේ මෙරට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට සාපෙක්ෂව 36% ක වැඩිවීමක් බව ය.
සැප්තැම්බර් මාසයේ වැඩි ම සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් හා චීනයෙනි. එම මාසය තුළ ඉන්දියානු සංචාරකයින්ගේ පැමිණිම 41% කින් වැඩි වී ඇති අතර චීන සංචාරකයින්ගේ පැමිණීම 54% කින් ඉහළ ගොස් තිබේ.
2015 වසරේ ගෙවුණු මාස 9 තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,315,000 ඉක්මවා තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉලක්කය වන්නේ මෙම වසර තුළ මිලියන 20ක් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමයි.
SDF