ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එම්.එස්. සමරතුංග මහතා ද අමාත්‍යවරයාගේ මෙම සංචාරයට එක් වෙති.
ලෝකු බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන ආධාර වැඩි කර ගැනීම පිළිබඳව මුදල් අමාත්‍යාවරයා එහිදී සාකච්ඡා පවත්වනු ඇත. ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 400ට සමාන මුදලක් ලෝක බැංකු ආධාර වශයෙන් වාර්ෂිකව ලැබේ. ශ්‍රී ලංකාවට ලැබෙන ලෝකු බැංකු ආධාර වසර 7ක සහන කාලසීමාවක් සහිත වසර 40කින් පමණ ආපසු ගෙවිය යුතු දිගු කාලීන ණය ආධාර වන අතර එය සියයට 2%ක් වැනි අවම පොලී අනුපාතයෙන් යුක්ත බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා පැවසීය.
ලෝකු බැංකුවෙන් ලැබෙන මෙම ආධාර ලංකාවේ ආර්ථිකයේ විවිධ ඉදිකිරීම්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතුවල ආයෝජනය කර තිබෙන බවද ලේකම්වරයා සඳහන් කරයි.
ලෝකු බැංකුවෙන් වාර්ෂිකව ලැබෙන ඩොලර් මිලියන 400ක ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ලෝකු බැංකු නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාක් පැවැත්වීමට නියමිතය.
මේ අතර පේරු රාජ්‍යයට යන අතරතුර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දැනට ජපානයේ නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද එක්වීමට නියමිතය.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද්විපාර්ශවීය සබඳතා හා ආර්ථික සහයෝගිතාවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජපානය සමඟ සාකච්ඡා කරනු ලැබේ.
ජපානය ශ්‍රී ලංකාවට අධාර සපයන ප්‍රධාන රටක් වන හෙයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන නිල සංචාරය තුළ ආර්ථික සහයෝගිතාවය හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
kpm