නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් කවුන්සලයේ 30වන සැසිවාරයේ ශ්‍රී ලංකාව සඳහා වූ කෙටුම්පත් යෝජනාවලිය Featured

    සැප්තැම්බර් 28, 2015

    මානව හිමිකම් කවුන්සලයේ 30වන සැසිවාරය - කෙටුම්පත් යෝජනාවලිය

    2 වන අයිතමය - ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම
    මානව හිමිකම් කවුන්සලය

     

     පෙර වදනට අදාළ ඡේද:

     

    පීපී 1.    එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්මයන් යළි ප්‍රතිඥා දෙමින්,
        (මානව හිමිකම්: කවුන්සලයේ 25/1)

    පීපී.2.    මානව හිමිකම් පිළිබඳ පොදු ප්‍රකාශනය, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මතය සහ වෙනත් විධිමත් ලේඛණවලින් මාර්ගෝපදේශකත්වය ලබා ගනිමින්,

     

    පීපී. 3.    ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු හා වගවීම පිළිබඳ කටයුතු ûÜවර්ධනය කිරීම සම්බන්ධයෙන් 2012 මාර්තු 22 වන දිනැති අංක 19/2 දරණ යෝජනාව, 2013 මාර්තු 21 දිනැති අංක 22/1 දරන යෝජනාව සහ 2014 මාර්තු 27 දිනැති අංක 25/1 දරන යෝජනාවන් ද නැවැත සැලකිල්ලට ගනිමින්, (HRC 25/1 යාවත්කාලීන කළ)

     

    පීපී. 4.    ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, නිදහස, සමගිය හා භෞමික අඛණ්ඩතාව කෙරෙහි ඇපකැප වන බවට ප්‍රතිඥාදෙමින් (HRC 25/1)

     

    පීපී. 5. මුළු මහත් ජනතාවට සියළුම මානව හිමිකම් හා මූලික නිදහස භුක්ති විඳීමට ඇති අයිතිය එක් එක් රාජ්‍යය වෙත පැවරෙන වගකීමක් බවට ප්‍රතිඥාදෙමින්, (HRC25/1)

     

    පීපී.6.    2015 ජනවාරි මාසයේ දී හා අගෝස්තු මාසයේ දී පැවති ඓතිහාසික නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ගැන සතුටුවෙමින්,

     

    පීපී.7.    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය සම්මත කරගැනීම හා ක්‍රියාවට නැංවීම මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත යුතුකම් වන ජාතික ප්‍රතිසන්ධානය හා සමගි සමෝධ්‍යාය ඇතුළුව, ප්‍රජාතන්ත්‍රික පාලනය හා ප්‍රධාන ආයතන ගැන ස්වාධීනව සොයා බැලීම සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුව සැලකිල්ලට ගනිමින්,

     

    පීපී.8.    මානව අයිතිවාසිකම්වලට වැඩි වැඩියෙන් ගරු කිරීම සහ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් 2015 ජනවාරි මාසයෙන් පසුව ගන්නා ලද පියවර සතුටින් පිළිගනිමින්,

     

    පීපී.9.    අල්ලස් ගැනීම, දූෂණ, වංචා හා බලතල වැරදි ලෙස පාවිච්චි කිරීම පිළිබඳ චෝදනා පිළිබඳ විමර්ශන පැවැත්වීම, එම විමර්ශනවල වැදගත්කම අවධාරණය කිරීම සහ දුර්විපාක බලපැවැත්වීම වැළැක්වීමෙන් තොරව හායහපාලනයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය විසින් දරන ලද ප්‍රයත්න සතුටින් පිළිගනිමින්,

     

    පීපි.10.    කලින් ගැටුම්වලින් බලපෑමට ලක් වූ උතුරු හා නැගෙනහිර පළාත් වල සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීමත්, යටිතල පහසුකම් නැවත ගොඩගැනීම, බිම් බෝම්බ ඉවත්කිරීම හා අභ්‍යන්තරව අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, මෙම ප්‍රයත්නයෙන් හිදී විශේෂයෙන්ම කටයුතු කඩිනම් කොට අභ්‍යන්තරව අවතැන් වූ සියලු දෙනාටම කල්පවතින විසඳුම් සලසාදීමෙහි ලා එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ඉල්ලා සිටීමට ගන්නා ලද පියවර සතුටින් පිළිගනිමින්,

     

    පීපි.11.ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපචාරයන් පිළිබඳ වාර්තා සැලකිල්ලට ගනිමින්, ලිංගික අපරාධ සහ වදදීම් සම්බන්ධයෙන් මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් හා සිවිල් සමාජ සාමාජිකයින් පැහැරගැනීම, ඔවුන් කෙරෙහි එල්ලවෙන තර්ජන හා බියවැද්දීම් පිළිබඳ ප්‍රශ්ණ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශිතවම කර ඇති ඇප කැපවීමේ සැලකිල්ලට ගනිමින් සිවිල් සමාජයේ සාමාජිකයින් හා මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සඳහා උදාකර දී ඇති යහපත් වාතාවරණය ගැන සතුට පලකරමින්, (HRC 25/1+ නව අර්ථකථනය).

     

    පීපි.12    ආගම්, විශ්වාස සහ වර්ගවාදය පිළිබඳ භේද ගැන නොතකා සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී හා ඒකීය භූමියක් තුළ මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳීම සඳහා ඇති අයිතිය ගැන නැවත ප්‍රතිඥා දෙමින්, (HRC 25/1)

     

    පීපි.13.    ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කිරීම සඳහා ගන්නා ඕනෑම පියවරක දී රාජ්‍ය ජාත්‍යන්තර නීතිය පිලිබඳ බැඳීම්වලට, විශේෂයෙන් අදාළ වන පරිදි ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ නීතිය හා ජාත්‍යන්තර මානව හිතවාදීන් පිළිබඳ නීතිය පිළිබඳ බැඳීම්වලට යටත් විය යුතු බවට නැවත ප්‍රතිඥා දෙමින්, (HRC 25/1)

     

    පීපි.14.2015 පෙබරවාරි 04 වන දින රජය විසින් කරන ලද සාම ප්‍රකාශය සම්බන්ධයෙන් හා සියලුම ජාතිවල හා ආගම්වල ප්‍රචන්ඩත්වයට ගොදුරු වු හා ජීවිත හානියට පත්වූවන් සිහිපත් කිරීම සම්බන්ධයෙන් කරන ලද කටයුතු ගැන සතුට පළ කරමින්,

     

    පීපී.15. වගවීම තහවුරු කර ගැනීමත්, සාධාරණත්වය සලසාදීමත්, විපතට පත්වූවන් සඳහා  පිළියම් සෙවීමත්, සමථයකට පත් කිරීමත්, ප්‍රතිසන්ධාන කටයුතු කිරීමත්, සමස්ත ආරක්ෂක පද්ධතිව ගැන ස්වාධීනව සොයා බැලීමත්, රජයේ ආයතන පිළිබඳ විශ්වසය තහවුරු කිරීමත්, ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීතියට අනුකූලව නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමත්, ප්‍රචණ්ඩත්වය හා අපචාර නැවත සිදුවීමේ අවස්ථා ඇහිරීමත් සඳහා නෛතික හා නෛතික නොවන පියවර ගැනීම, පෞද්ගලික නඩු පැවරීම් හා හානිපූරණයන්, සත්‍ය සෙවීම්, ආයතනික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම, රාජ්‍ය සේවකයන් හා නිලධාරීන් විශේෂ පරීක්ෂණයට භාජනය කිරීම හා එම කටයුතු නිසි ආකාරව කිරීම සම්බන්ධයෙන් සමවබෝධ ප්‍රවේශයක් ගැනීමේ වැදගත්කම අවධාරණයට ලක් කරමින්,(HRC 25/1)

     

    පීපී.16. පසුගිය කාලයේ සිදු වූ අපචාරයන් හා උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සහන කටයුතු කරන ආයතන ස්වාධීන, අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුතු වන විට, ඒවා ඉහළම නිපුණත්වයෙන් යුතු, අවංක හා අපක්ෂපාතී පුද්ගලයින් විසින් නිර්මාණාත්මක හා සහභාගිත්ව ක්‍රම අනුගමනය කරමින්, එනම් සියලුම ප්‍රදේශවල සියලුම ආගමික හා වාර්ගික කොටස් නියෝජනය කරන විපතට පත්වූවන්, කාන්තාවන් හා තරුණ තරුණියන්ගේ සහභාගිත්වය ඇතිව, එහෙත් ඔවුන්ට පමණක් සීමා නොකොට සියළු දෙනා සාධාරණ සහයෝගිත්වයෙන් සිදුකරන විට එම යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වන බව පිළිගනිමින්,

     

    පීපී.17. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අයථා භාවිතය වඩාත්ම වගකිව යුතු පුද්ගලයන් හා විශ්වාසනීය වගවීමේ ක්‍රියාවලියන් ස්ථාපනය කිරීම මගින්, ගරුත්වයෙන් හා වෘත්තීයභාවයෙන් යුතුව යෝග්‍ය ආකාරයෙන් කටයුතු කළ ආරක්ෂක හමුදා ඇතුළු සියලු පුද්ගලයන්ගේ කීර්තිය ආරක්ෂා වනු ඇති බව පිළි ගනිමින්,

     

    පී.පී.18. වරදට දඬුවම් ලබා නොදීමේ යුගය අවසාන කිරීමේ අරමුණ සහිතව ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ගණයෙහි ලා සැලකෙන මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීම් සඳහා වගකිව යුතු වන පුද්ගලයන්ට චෝදනා කිරීම සඳහා ඇති බැඳීම ඉටු කිරීම පිණිස රාජ්‍යයන්ට ඇති වගකීම සිහිපත් කරමින්,(මානව හිමිකම් කවුන්සලය 25/1)

     

    පීපී.19. රජය විසින් පවරා ගෙන තිබූ අධි ආරක්ෂිත කලාප පිළිබඳව සමාලෝචනයට ලක් කර, එම ඉඩම් නැවත ඒවායේ නියම හිමිකරුවන් වූ සිවිල් ජනතාවට ලබාදීමට හා සිය ජීවනෝපායයන් ආරම්භ කර නැවත සාමාන්‍ය ජීවිතයට එළඹීම සඳහා දේශීය ජනතාවට සහායවීමට රජය ගත් මූලික පියවර පිළිගනිමින්,

     

    පීපී.20. දේශපාලන බලතල බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිගැනීමට ලක් කරමින්,

     

    පීපී.21. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ ඇති හිතකර නිර්දේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින්,

     

    පීපී.22.  2015 මාර්තු 30- අප්‍රේල් 03 අතර කාලය අතරතුර සිදුවූ සත්‍ය්‍ය, සාධාරණත්වය, හානිපූරණය හා මෙවැනි සිදුවීම් නැවත ඇති නොවන බවට තහවුරු කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වාර්තාකරුගේ සංචාරය හා ඊට අදාළ නිරීක්ෂණ මෙන්ම නොවැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිත බලාත්කාරයෙන් හා ස්වේච්ඡා නොවන අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සංචාරය ද පිළිගැනීමට ලක් කරමින්,

     

    පීපී.23. ශ්‍රී ලංකාවේ සිදුවූ බවට පැවසෙන මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම්, අයථා භාවිතයන් හා ඒ හා අදාළ අපරාධ සම්බන්ධයෙන් 25/1 මානව හිමිකම් කවුන්සල යෝජනාව මගින් ඉල්ලා සිටි විමර්ශනය අවශ්‍ය වූයේ වගවීම පිළිබඳ විශ්වාසනීය ජාතික ක්‍රියාවලියක් නොමැති වූ නිසා බව හඳුනා ගනිමින්,

     

    ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද:

    1.    මානව හිමිකම් කවුන්සලයේ 27 වන සැසිවාරයේ දී මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ වාචික යාවත්කාලීන කිරීම්, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා වගවීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාව හා 25/1 මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය මගින් ඉල්ලා සිටි පරිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් සකස් කරන ලද විමර්ශන වාර්තාවේ සොයා ගැනීම් හා නිගමන ඇගයීමට ලක් කිරීම හා සත්‍ය සෙවීම, සාධාරණත්වය, හානිපූරණය හා එවැනි සිද්ධීන් නැවත සිදු නොවන බවට සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ දී ඒවායේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය උනන්දු කරවමින්, ඇගයීමට ලක්කරමු.

     

    2.    2015 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රජය හා මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය අතර පැවති ධනාත්මක වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිගනිමින්, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම පිණිස සහ සත්‍ය සෙවීම සහ සාධාරණත්වය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රියාවලීන්ට සහභාගිවීම පිණිස මෙන්ම ජාත්‍යන්තර සහාය ලබාදිය හැකි යෝග්‍ය ආකාරයන් සොයා බැලීම පිණිස ද එවැනි අන්තර් සම්බන්ධතා දිගින් දිගටම පවත්වා ගෙන යා යුතු බවට දිරිමත් කිරීමට උත්සුක වෙමු.

     

    3.    සත්‍ය සෙවීම, සාධාරණත්වය ඇති කිරීමේ හා හානිපූරණ ක්‍රියාවලීන් හි විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීමට සහාය ලබාදෙමින්, ජාත්‍යන්තර විශේෂඥතා සහය හා විශිෂ්ඨ පරිචයන්ගෙන් ආභාෂය ලබා ගැනිමට, මෙම ක්‍රියාවලීන් සැලසුම් කරන හා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අදහස් ලබා ගනිමින් බලපෑමට ලක් වූ සියලු ප්‍රජාවන්, වින්දිතයන් හා සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කරගනිමින්, පුළුල් ජාතික කතිකාවතක නියැලීම, මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවන බවට සහතික වීම සම්බන්ධ වන ක්‍රියාමාර්ගවලට සහයෝගය දෙමු.

     

    4.    අධිකරණ හා අධිකරණමය නොවන පියවර ගණනාවක් ඇතුළත් කරමින් අතීතය පිළිබඳ කටයුතු කිරීම සඳහා විස්තීරණ ප්‍රවේශයකට එළඹීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිලිගනිමු. මේ සම්බන්ධයෙන් සත්‍යය සෙව්ම, සාධාරණත්වය, ඇතිකිරීමේ‚ ප්‍රතිසන්ධානය හා නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාලීම සඳහා කොමිෂන් සභාවක්, අතුරුදන් වූ පුද්ගලයන් සඳහා කාර්යාලයක් හා හානි පූර්ණය සඳහා වූ කාර්යාලයක් ස්ථාපනය‚ කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති යෝජනාව පිළිගන්නා අතර, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගෙන් මුල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහාය ලබාගැනීම සඳහා එම එක් එක් යාන්ත්‍රණයට නිදහස ලබාදීමට රජය දක්වන කැමැත්ත ද පිලිගන්නෙමු.එමෙන්ම මෙය පූර්ණ ලෙස  හා විශ්වාසනීය ලෙස ඉටුකරනු ලැබුවහොත්, බරපතල අපරාධ සඳහා සියලු පාර්ශ්වවල වගවීම ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රතිසන්ධානය ළඟාකර ගැනීමටත්, එමගින් සහාය සැලසෙනු ඇති බවත් විශ්වාස කරන්නෙමු.

     

    5.    ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි සංවිධානයේ විමර්ශන වාර්තාවේ (OISL) සඳහන් කර ඇති ආකාරයට දෙමල ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා නීති කඩ කිරීම් සෙවීම සඳහා වගවීමේ හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක අවශ්‍යතාවය අපි පිලිගන්නෙමු.

     

    6.    නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට අයත් ජනතාව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය ගොඩ නැංවීම සඳහා “වගවීම” අත්‍යවශ්‍ය බවට ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගෙන තිබීම පිළිගැනීමට ලක් කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම් සිදුකරන ලදැයි පැවසෙන අවස්ථා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ පරිදි විශේෂ කවුන්සිලයක් සහිත අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය කර ඇති යෝජනාව ඇගයීමට ලක් කරමු. එමෙන්ම විශ්වාසනීය අධිකරණ ක්‍රියාවලියක් සඳහා අවංක හා අපක්ෂපාතී පුද්ගලයන් විසින් මෙහෙයවන ස්වාධීන අධිකරණ හා අභිචෝදක ආයතන පවතින බවට සහතිකවීම අවශ්‍ය බවත් පොදු රාජ්‍ය මණ්ඩලයීය හා වෙනත් විදේශීය විනිසුරුවරුන්ගෙන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, අභිචෝදකයන් හා විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ උපදේශක කාර්යාලයක සහභාගීත්වය  ඇතුළු ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණයක බලය යටතේ අවශ්‍ය බව මේ සම්බන්ධයෙන් තවදුරටත් වැදගත් වන බවට සහතික කිරීමට කැමැත්තෙමු.

     

    7.    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව මගින් ආවරණය කරන ලද කාල පරිච්ඡේදය ද ඇතුළත් වන සේ මානව හිමිකම් උල්ංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම්වලට අදාළව ජාතීන්ගේ ප්‍රජාව විසින් හඳුනාගෙන ඇති සාමාන්‍ය නීති මූලධර්ම යටතේ සියලු අපරාධවලට වඩාත්ම වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් නඩු විභාගයක් කර දඬුවම් ලබාදීම ද ඇතුළත් කරමින් හා ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන ලෙස, සිය වගකීම් හා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ මෙන්ම, 25/1 යෝජනාවලිය මගින් දක්වා ඇති මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාවේ නිර්දේශ ද ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි බවට සහතික කෙරෙන අන්දමින් සිය දේශීය නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා රජය දිරි ගැන්වීමට ද කැමැත්තෙමු.

     

    8.    ආරක්ෂක හමුදාවන් හි ගරුත්වය හා වෘත්තියභාවය වර්ධනයවීමට ඉඩ සැලසෙන පරිදි සම්ප්‍රදායික අධිකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සඵලදායී ආකාරයට හඳුන්වාදීම සඳහා, ශ්‍රී ලංකා රජය දිරි ගන්වන අතර මානව හිමිකම් උල්ලංඝණය හෝ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යැයි සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් මගින්, වරදකරුවන් වූ ආරක්ෂක හා බුද්ධි ඒකක සාමාජිකයන්  ඇතුළු කිසිදු අයෙක් ආරක්ෂක  හමුදාවලට බඳවා ගැනීමට හෝ ආරක්ෂක හමුදාවල රඳවා ගැනීමට කිසිදු ඉඩකඩක් නොපවතින බවට තහවුරු කරමින්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් පුහුණු වැඩසටහන් හා ප්‍රෝත්සාහන ලබාදීම් වැඩි කිරීම දිරිගන්වනු කැමැත්තෙමු.

     

    9.    සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීතිය යාවත්කාලීන කිරීමට හා නීතිය සමාලෝචනය කිරීමට මෑතකාලීනව ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගැනීමට ලක් කිරීම හා සාක්ෂිකරුවන්, වින්දිතයන්, විමර්ශනයන්, අභිචෝදකයන් හා විනිශ්චයකාරවරුන් ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට අනුග්‍රහ සැලසීම මගින් මෙම අත්‍යවශ්‍ය ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය දිරි ගැන්වීමට ද කැමැත්තෙමු.

     

    10.    ඉඩම් නැවත ලබාදීමට ගනු ලැබූ ආරම්භක පියවර පිළිගැනීමින් සහ ඉඩම් එහි නියම හිමිකරුවන්ට නැවත ලබාදීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉඩම් භාවිතය හා හිමිකාරිත්වයට අදාළව පවතින ඉදිරි කටයුතු නිරාකරණය කිරීම සඳහා; විශේෂයෙන්ම සිවිල් කටයුතුවලට හමුදාවේ මැදිහත්වීම අවසන් කිරීම, සිවිල් ජනතාවගේ  ජීවිත නැවත සාමාන්‍ය තත්ත්වයට පමුණුවා ඔවුන්ගේ ජීවනෝපායයන් නැවත ආරම්භ කිරීම, ආදිය සඳහා තවදුරටත් කටයුතු කිරීම වෙනුවෙන් රජය දිරිගන්වන අතර මෙම ප්‍රයත්න සඳහා සිවිල් සමාජ නියෝජිතයන්, සුළු ජාතීන් ඇතුළු දේශීය ජනතාවගේ පූර්ණ සහභාගිත්වය ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමට කැමැත්තෙමු. ( නව අර්ථකථනය - මානව හිමිකම් කවුන්සිලය 25/1)

     

    11.    පුවත්පත්කලාවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, සුළු ජාතික කණ්ඩායම්වල සාමාජිකයන් හා සිවිල් සමාජයේ වෙනත් සාමාජිකයන් හා ආගමික ස්ථාන එල්ල කරමින් පුද්ගලයන් හා කණ්ඩායම් විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීමටත් එම ප්‍රහාරවලට වගකිව යුතු අපරාධකරුවන්ට ඒ සම්බන්ධ වගකීම පැවරීමටත්, අනාගතයේ දී එම ප්‍රහාර වැළැක්වීම සඳහා පියවර ගැනීමටත් ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමට කැමැත්තෙමු. (මානව හිමිකම් කවුන්සිලය 25/1)

     

    12.    මහජන ආරක්ෂක පනත සමාලෝචනය කිරීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කර ඒ වෙනුවට ජාත්‍යන්තරව විශිෂ්ට යැයි සැලකෙන තත්කාලීන පරිචයන්ට අනුකූල ත්‍රස්තවාදයට එරෙහි නව පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිගන්නෙමු.

     

    13.    බලහත්කාර අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන්ව ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියන්ට අප්‍රමාදීව අත්සන් තැබීමට හා බලහත්කාර අතුරුදන් මතු කිරීමටත්, බලහත්කාර අතුරුදන් කිරීම් අපරාධ ලෙස සැලකීමටත්, තාවකාලිකව සහය පියවරක් වශයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වලට “දක්නට නොමැති” සහතික නිකුත් කිරීම ආරම්භ කිරීමටත්, ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිලිගනු කැමැත්තෙමු.

     

    14.    පූර්ව ජනාධිපති කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම ද පිළිගනු කැමැත්තෙමු.

     

    15.    මානව හිමිකම් කඩකිරීම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩකිරීම් හා අයථා භාවිතයන්ට අදාළව රාජ්‍ය හෝ  පෞද්ගලික ආයතනවල පවතින සියලු වාර්තා ලිපිලේඛන ආරක්ෂා  කිරීම සඳහා විස්තීරණ සැලසුමක් හා යාන්ත්‍රණයක් සැකසීමට ශ්‍රී ලංකා  රජය දිරිමත් කිරීමට කැමැත්තෙමු.

     

    16.    අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර ගැනීම මගින් දේශපාලන විසඳුමක් සඳහා යාමට ආණ්ඩුවේ ඇති කැපවීම පිළිගන්නා අතර, ප්‍රතිසන්ධානය හා ජනගහනයේ සියලු  කොටස්  විසින් මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳින බව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වූවක් වන දේශපාලන බලය බෙදා හැරීම වෙනුවෙන් ආණ්ඩුව දරන වෑයම දිරිමත් කරමු. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියලු පළාත් සභාවලට ඵලදායී ලෙස කටයුතු කළ හැකි බව තහවුරු කරගැනීම සඳහා, ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට ද කැමැත්තෙමු. ( මානව හිමිකම් කවුන්සිලය 25/1 නව අර්ථ කථනය)

     

    17.    වදහිංසා, දූෂණ හා ලිංගික අපරාධ ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමට අදාළ සියලු ක්‍රියා තහනම් කර ඇති බවටත්, එවැනි උල්ලංඝණය කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව  විමර්ශනය කොට, දඬුවම් ලබාදෙන බවටත් ආරක්ෂක අංශවල සියලු කොටස්වලට පැහැදිලිව උපදෙස් නිකුත් කිරීම සඳහා රජයේ ඇති කැපවීම පිළිගැනීම හා ලිංගික අපරාධ හා වදහිංසාවලටඅදාළ සියලු වාර්තා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය දිරිමත් කිරීම ද,

     

    18.    මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ නිර්දේශ හා ප්‍රතිසංධානයට, වගවීමට හා මානව හිමිකම්වලට අදාළ වෙනත් ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීමෙහි ලා දක්වන ප්‍රගතිය ඇගයීම සඳහා අඛණ්ඩව කටයුතු කරන මෙන් ද, මානව හිමිකම් කවුන්සිලයේ තිස්දෙවන සැසිවාරයේ දී එම කටයුතුවල තත්ත්වය පිළිබඳ වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන මෙන් ද, මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවන සැසිවාරයේ දී වත්මන් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් ඉල්ලා සිටීම ද,

     

    19.    ඉටු නොකළ ඉල්ලීම්වලට විධිමත්ව ප්‍රතිචාර දැක්වීමද ඇතුළුව, විශේෂ කාර්ය පරිපාටි බලපත්‍ර හිමියන් සමඟ අඛණ්ඩ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමටද කැමැත්තෙමු. ( නව අර්ථකථනය - මානව හිමිකම් කවුන්සිලය 25/1)

     

    20.    ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ එකඟත්වය ලබාගෙන, ඉහත කී පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය හා අදාළ විශේෂ කාර්ය පරිපාටි බලපත්‍ර හිමියන් දිරිමත් කිරීමට කැමැත්තෙමු.

     

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (6)  වගන්තිය:

     

    යම් ක්‍රියාවක්  කළ හෝ යම් නොකරහැරීමක් සිදුවූ අවස්ථාවේදි ඒ ක්‍රියාව හෝ නොකරහැරීම වරදක් නොවී නම් ඒ ක්‍රියාව නොකරහැරීම  සම්බන්ධයෙන්  කිසිම  තැනැත්තකු වරදකට වරදකරැවකු  නොවිය  යුත්තේය.  තවද, යම්  වරදක්  සිදුකරනු  ලැබූ  අවස්ථාවේදී  ඒ  වරද  සම්බන්ධයෙන්  බල පැවැත්වූ  දණ්ඩනයටවැඩි  කිසිම  දණ්ඩනයක් ඒ  වරද  සම්බන්ධයෙන්  නියම  නොකල  යුත්තේය.

     

    යම් ක්‍රියාවක්  කළ හෝ යම්  නොකර  හැරීමක්  සිදු වූ  අවස්ථාවේදී එය  ජාතීන්ගේසම්මතයෙන්  පිලිගත්  පොදු  නෛතික  මූලධර්ම  අනුව  සාපරාධී   ක්‍රියාවක් හෝ නොකරහැරීමක් වූවිට‚ඒ ක්‍රියාව හෝ නොකර  හැරීම  සම්බන්ධයෙන්  කවර  වූ  හෝ  තැනැත්තකුනඩු  විභාගයට  භාජන  කොට දඞුවම් කිරීමට  මේ  ව්‍යවස්ථාවේ  අතුලත්  කිසිවකින්  හානියක්  නොවන්නේ ය.

     

    යම්  වරදක්  සඳහා  නියම  කරනු  ලබන  අවම  දණ්ඩනය ඒ  වරද  සිදුකළ  අවස්ථාවේ  දී  ඒ  වරද  සඳහා  නියමිතව  තිබුණු උපරිම දණ්ඩනය  නොඉක්මවන්නේ  නම්‚  ඒ  වරද  සඳහා  එකී  අවම  දණ්ඩනය  පනවන  ලෙස  නියම  කිරීම  මේ ව්‍යවස්ථාවේ  විධිවිධානකඩකිරීමක්  නොවන්නේ  ය.

     

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya