තමන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳ තම රාජ්‍ය නායකයා දැණුවත් කළ ගොවි ජනතාව තමන් මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුවක් වන පානීය ජල ගැටලුව පිළිබඳවද ජනාධිපතිතුමා දැණුවත් කළ අතර ඊට කඩිනම් විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිතුමා එහිදී ජනතාවට පොරොන්දු විය.
එම පොරොන්දු ඉටු කරමින් එහි පළමු පියවර ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වැලිඔය ජනපදයේ ජනතාව වෙනුවෙන් ලබාදුන් ජල පෙරණ යන්ත්‍රය 23 දින පෙරවරුවේ වන්නි ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා අතින් ජනතා අයිතියට පැවරිනි.
ප්‍රදේශයේ වකුගඩු රෝගය ව්‍යාප්තවීමට පානීය ජල ගැටලූව ප්‍රබල හේතුවක් වී ඇති අතර ඊට විසදුම් ලබාදීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පිරිදි රජය පියවර ගෙන ඇති බව මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
තමන් අසළටම පැමිණ තම දුක සැප විමසා අඩු පාඩු සපුරාදීම පිළිබඳව මෙහිදි වැලිඔය ජනතාවගේ ඉමහත් කෘතවේදිත්වය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
මේ හා සමගාමීව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය යටතේ යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද වගා ළිං කිහිපයක් ද ජනතා අයිතියට පත්කෙරුණු අතර නන්දිමිත්‍ර ගම්මානයේ ඉදිකරන ලද නව නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමටද මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා ඇතුළු පිරිස එක් වූහ.
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතාද මෙම අවස්ථාවන්ට එක්ව සිටියේය.